IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එක් දරු මවකගේ මළ සිරුරක් නිවසක තිබී හමුවෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මාකූර අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක තිබී 73 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුරක්  අද (06) සොයාගත් බව මිරිගම පොලිසිය කියයි.

මියගිය කාන්තාව තමන්ගේ එකම පුතා සමඟ ජීවත්වී ඇති බවත් ඇය ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දුටු අසල්වාසීන් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කරන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
 
මියගිය කාන්තාවගේ සහෝදරයෙකු විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නිවසේ විසිරී තිබූ ලේ පැල්ලම් සෝදා ඇති බවක් එහිදී දක්නට තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
 
මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් යුද හමුදාවේ සේවය කළ බව කියන ඇයගේ 40 හැවිරිදි පුත්‍රයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
 
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (7 ) පැවැත්වීමට නියමිත බව  මීරිගම  පොලිසිය කීය.



අදහස් (1)

එක් දරු මවකගේ මළ සිරුරක් නිවසක තිබී හමුවෙයි

wedage Friday, 07 August 2020 04:33 AM

පින්මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමයි ඉතා ගරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site