IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඌවේ නිලධාරීන්ට වැඩ කාලයේ සමාජ මාධ්‍ය බෑ

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල භාවිතා නොකර ජනතාවට සේවය කරන්නැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා එසේ කීය.

ඌව ආණ්ඩුකාර කාර්යාලය මගින් පළාතේ සියලුම නගර පිරිසිදු කීරීමේ නව වැඩ සටහනක් ආරම්භ කර තිබෙන අතර සියලුම නගරවල අවධිමත් ලෙස ප්‍රදර්ශනය කර තිබෙන බැනර්, පෝස්ටර්, ඇතුළු ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.

එම වැඩසටහනේ ප්‍රථම අදියර වශයෙන් බදුල්ල නගරය පවිත්‍ර කිරීම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල විල්ස් පාක් ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය.

එහිදී මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද කීය.

"ඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිලධාරීන් මොබයිල් ෆෝන් එක බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප්වල ඇතැම් නිලධාරීන් ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.

එහෙම ඉන්නවානම් මේක කරුණාකරලා නතර කරන්න රාජකාරී වේලාවේදී පෞද්ගලික කටයුතු කරන්න එපා. අහිංසක ජනතාවගේ බදු මුදලින් තමයි අපි පඩි ගන්නේ. රාජකාරී කරන වේලාවේදී රාජකාරිය හරියටම කරන්න" යැයි මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.



අදහස් (0)

ඌවේ නිලධාරීන්ට වැඩ කාලයේ සමාජ මාධ්‍ය බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site