IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරේ සිසුන් 50 ට අඩු පාසල් වැසෙන ලකුණු

(එෆ්.අස්ලම්)

උතුරු පළාතේ සිසුන් 50ට  වඩා අඩු පාසල් 250කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.


පාසල් 248ක් මෙලෙස වසා දැමීමට අවධානය යොමුකර ඇති අතර එම පාසල්වල සිසු සිසුවියන් අවට පාසල් වෙත මාරුකර යැවීමටද අධ්‍යාපන බලධාරීන් සාකච්ඡා කර සිටින බවද වාර්තා වේ.

එමෙන්ම මෙම පාසල්වල සිසු සිසුවියන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට උත්සහා කරන ලෙසට පාසල් බලධාරීන් වෙත දැනුම් දී ඇති අධ්‍යාපන බලධාරීන් එසේ නොවන්නේ නම් මේ වසර අවසානයේදී එම පාසල් වසා දැමීමට සිදුවන බවද දැනුම් දී තිබේ.

අවම වශයෙන් සිසුන් පනහකට හෝ අඩු පාසල් නඩත්තු කිරීම් සදහා පළාත් සභාවට අධික මුදලක් වැය කිරීමට සිදුවීමත් එසේ වැයකිරීමක් සිදුකළද එම පාසල්වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමත් මත මේ පිළිබද තීරණයකට යාම ගැන සාකච්ඡාවට බජුන් වී තිබේ.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සත්‍යසීලන් මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී සදහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති නමුදු උතුරු පළාතේ අධ්‍යාපනය නගා සිටුවීමේ පියවරක් වශයෙන් එවන් තීරණයකට යාම පිළීබද සාකච්ඡා කර සිටින බවය.

 

කෙසේ නමුත් කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පිහිටි අතිදුෂ්කර ගම්මානවල එක් පාසලක් හා තවත් පාසලක් අතර දුර සැතපුම් පහකටත් අධික වීමත් එවන් තීරණයක් මැද සිසුන් ඉතාමත් අඩු පාසල් වසා දමමින් සිසුන් වැඩි ඒ අවට පාසල් වෙත ඇතුළත් කිරීම තුළින් සිසුසිසුවියන්ට බොහෝ දුරක් ඒමට සිදුවීමත් ගැනද අවධානය යොමුවී තිබෙන බවද හෙතෙම කීය.
 

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමගින් තවදුරටත් සාකච්ඡා කර දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමෙන ආකාරයේ තීරණයක් ගන්නා බවද ලේකම්වරයා අවසන් වශයෙන් කියා සිටියේය.
 



අදහස් (0)

උතුරේ සිසුන් 50 ට අඩු පාසල් වැසෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site