(හැටන් රංජිත් රාජපක්ෂ)
උඩරට දුම්රිය මාර්ගයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් අද (25) උදෑසන සොයාගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර ඉහළ කොත්මලේ ජලාශ වේල්ල නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් දුම්රිය මාර්ගයේ තිබූ මෙම මළසිරුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ග පරීක්ෂා කරන මුරකරුවෙකු විසින් දැක ඒ බව තලවකැලේ පොලීසිය වෙත දන්වා ඇත.
එම මළසිරුර තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ පදංචි රොෂාන් (30) නැමති අවිවාහක තරුණයෙකුගේ බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
නිවසට යාම සඳහා මෙහු නිතර දුම්රිය මාර්ගය භාවිතා කරන බවත්, උඩරට දුම්රිය මාර්ගයේ ඊයේ (24) රාත්‍රී ධාවනය වූ දුම්රියක මෙම තරුණයා ගැටී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසයි.
මහේස්ත්‍රාත්වරයාගේ පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව තලවකැලේ පොලිසිය සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ තරුණයෙකුගේ මළසිරුරක්