(කුෂාන් ජයවර්ධන)
මියගිය තරුණ හිමිනමකගේ දේහයක් ඉපලෝගම හිරිපිටියාගම ප‍්‍රදේශයේ නිවසක වහලයේ එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව ඉපලෝගම පොලිසියේ පැවැසීය.
මිය ගොස් ඇත්තේ මරදන්කඩවල තෝරුවැව ප‍්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි හිමිනමක බව පොලිසිය පවසයි. අපවත්ව සිටි හිමිනම කුඩා කළ එම නිවසේ වාසය කර ඇති බවත් ඊයෙ (15) එම හිමිනම අදාළ නිවසට පැමිණ ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අදාළ හිමිනම මහනුවර මතුරට ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර 27 හැවිරිදි වියේ පසුවෙති. ගිහි කාලයේ යුධ හමුදා සේවයේ නිරතව සිටි ඇති එම හිමිනම වෛද්‍ය හේතූන් මත පසුව සේවයෙන් විශ‍්‍රාම ගෙන ඇති බව පොලිසිය කියයි.
හිමි නමගේ එම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (16) කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා විසින් පැවැත්වූ අතර එහිදී මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට ලබා දී තිබූ නියෝගයක් අනුව එම දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහරෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ඉපලෝගම පොලිසිය කටයුතු කර තිබේ.
හිමිනමගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න සොයා බැලීමට වැඩිදුර විමර්ශන සිදුකරයි.





2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉපලෝගම නිවසකින් මියගිය හිමිනමකගේ දේහයක් හමුවෙයි