(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මාන්තෙයි නැගෙනහිර පූවර්සන්කුලම් වැව් ඉවුරට ගොඩ ගසා තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් හමු වූ බව මල්ලාවි පොලීසිය පවසයි.
බිළිඳිය උපන් අවස්ථාවේම ඇගේ මව විසින් වැවට ගෙනවිත් දමා ඇති බවටත් බිළිඳියගේ මළ සිරුර වැව් ඉවුරට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ බිළිඳිය මිය ගොස් සිට ඇති අතර මළ සිරුර මාන්තෙයි රෝහලට බාර දී ඇත.
බිළිඳිය දමා ගිය මව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ කාන්තාවක් ද එසේත් නැතිනම් පිට පළාතකින් පැමිණි කාන්තාවක් මෙම ක්‍රියාව සිදු කළැයි යන්න පිළිබඳව පරික්ෂණ සිදු කරන බව මල්ලාවි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික සහ සමාජ ප්‍රශ්න විසින් මිනිසුන් තුල මෘග හැගීම් උද්දීපනය කරවන හැටි බලන්න...
හේතුව කුමක් වුවත් ඒ ළදරුව කරපු පව මොකක්ද? මනුසත්කම හිතුවටත් වඩා ඉක්මනින් මිනිසුන් අතරින් දුරස් වෙලා. පන්සලකට පල්ලියකට දීලා තිබ්බනම් , නැත්නම් ඉස්පිරිතාලේම දාලා ආවා නම්, අනේ දෙයියනේ ...