(ප්‍රසන්න පත්මසිරි)
ඉන්දියානු කොන්සල් ජනරාල් ප්‍රේම් කේ නායිර් මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අතර විශේෂ හමුවක් අද (12) පැවති බව ආණ්ඩුකාරවර කාර්යාලය කියයි.
බදුල්ල ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම හමුවේදී පළාතේ ජනතාවගේ සංවර්ධන කටයුතු වලට ඉන්දියානු රජයේ දායකත්වය ඌවේ ජනතාවට ලබාදීම,වතු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් ලබාදීම,දෙරට අතර සුහදත්වය වර්ධනය කෙරෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුලු කරුණු පිළිබදව මෙහිදී දෙදෙනා අතර සාකච්ජා කෙරිණ.
නව රජය මගින් ගෙනයන ප්‍රතිපත්ති හා නව වැඩපිළිවල පිළිබඳවද කොන්සල් ජනරාල්වරයා රජයයට ස්තූතිය පළකර තිබේ.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් තිස්ස හාතියල්දෙනිය මහතාද සහභාගි විය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.