(ඔගස්ටින් ප්‍රනාන්දු)
බංගදෙණිය කුමාරකට්ටුව එලිවිටිය ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා ගෙන සිටි ඉත්තෑවුන් 5දෙනෙකු සමග පුද්ගලයෙකු අද (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
හදිසියේ ලද තොරතුරක් මත ගොස් එම නිවස පරික්ෂා කළ අවස්ථාවේදී නිවස පිටුපස ඉදිකර තිබූ ටැංකියක් තුළ දමා සිටි මෙම ඉත්තෑවුන්ට විශාල ප්‍රමාණයේ ඉත්තෑවුන් 4 දෙනෙකුද කුඩා පැටවෙකුද අයත් වූ බවත් කියයි.
වනජීවි ආඥා පනත අනුව ඉත්තෑවුන් සන්තකයේ තබා ගැනීම නීතිවිරෝධී කටයුත්තකි. එසේ තිබියදී වන ජීවි අධ්‍යක්ෂවරයාගෙන් ලබා ගත් නිසි අවසර පත්‍රයකින් තොරව මෙම ඉත්තෑවුන් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත නිවසේ හිමිකරුව අත්අඩංගුවට ගෙන ඇති බවත් කියයි.
තමන් හුරතලයට මෙම සතුන් ඇති දැඩි කළ බව සැකකරු පවසා ඇත. ඔහු දෙමටපිටිය එළිවිටිය ප්‍රදේශයේ පදිංචි 60 වන වියේ පසුවන අයෙකු බවත් කියයි.
සැකකරු හා ඉත්තෑවුන් හෙට (26) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන අතර වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

2025 දෙසැම්බර් මස 18
523
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉත්තෑවුන් පහක් සමග අයෙක් අත්අඩංගුවට
chandima Saturday, 25 May 2019 09:17 PM
ඉත්තෑ කූරු මොන තරම් ගොඩක්ද? මෙව්වා ආයුධ වශයෙන් පාවිච්චි කරන්න තියාගෙන හිටිය වෙන්නත් බැරි නැහැ. ඉත්තෑවා පණපිටින් තියාගෙන ඉද්දි කවුරුවත්ම සැක හිතන්නේ නැහැ.