(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ ඉඔුල්පේ හල්ගහවෙල සහ පහන්තුඩාව ආශ්‍රිතව ඇති රක්ෂිත වල අද (26) සවස සිට ගිනිගැනිම් 2ක් හටගෙන ඇති බව ඉඔුල්පේ ප්‍රදේශීය සභාපති ශ්‍රීලාල් සෙනරත් මහතා පවසයි.
ප්‍රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් ගින්න ව්‍යප්ත වී ඇති බව ඒ මහතා පැවසීය. ප්‍රදේශවාශින්, පොලිසිය එක්ව ගිනිගැනීම් මැඩ පැවැත්වීම සඳහා උස්සාහ කළද එය අසාර්ථක වූ බව හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ කිසියම් පිරිසක් විසින් රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක පළකෙරෙන බවයි.
මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර ප්‍රදේශ බැවින් ගින්න පාලනය කිරීමට අපහසු වු බවත් පැවැසීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd