(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට අවශ්‍ය ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම නිවසටම ගෙනත් දීමේ වැඩ පිළිවෙළක් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර තිබේ.
ඇදිරිනීතිය ඉවත් කළ විට අනවශ්‍ය ලෙස ජනතාව නගරයට ඒකරාශී වීම වැළැක්වීමට මෙම පියවර ගත් බව ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් සුසීමා කාරියවසම් මහත්මිය පැවසුවාය.
ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් සුසීමා කාරියවසම් මහත්මිය හා ඇල්පිටිය සෞඛ්‍ය සේවා අධිකාරි රුවන් ලියන ආරච්චි මහතා විසින් මෙම වැඩ පිළිවෙළ සංසංවිධානය කර තිබේ.
ග්‍රාමනිලධාරින් සංවර්ධන නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීහු මේ සදහා ඇප කැපවීමෙන් කටයුතු කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැඩසටහන සඳහා උදව් කළ ඔබ සැමට ස්තූතියි.