රංජිත් රාජපක්ෂ
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද(25) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තෙත්බිම් කලාපයක සැකකරුවන් පිරිස විශාල වලවල් හරා අනවසරෙන් මැණික් ගරන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුන් සන්තකයේ මැණික් ගැරිම සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇදිරි නිති රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ සහ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරීම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇඳිරි නීතිය තිබියදී අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි