(චන්දන ප්‍රනාන්දු)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේදී දන්කොටුව පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේදී පාපැදියකින් ගංජා හා බීඩි ගෙනයමින් සිටි පාසැල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය කියයි.
ඊය(21) සවස 5 ට පමණ ඇඳිරි නීතිය පනවා තිබියදී, මාර්ග බාධක හරහා යාමට උත්සාහ කළ මෙම පාසැල් සිසුන් දෙදෙනා තැතිගැන්වී බියෙන් සිටීම හේතුවෙන් සැක සිතී ඔවුන් පරීක්ෂා කළ බවත්, ගංජා ග්‍රෑම් 1 බැගින් වූ පැකට් දෙකක් හා බීඩි 8 ක් සොයාගත් බවද මොවුන් දෙදෙනා එම ගංජා හා බීඩි පානය කිරීම සඳහා පාළු ස්ථානයක් සොයා පාපැදියෙන් යමින් සිට ඇති බවත් පොලිසිය කීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි පාසැල් සිසුන් දෙදෙනෙකි.
සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd