(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ විකිලිය සහ කිරිමැටිතැන්න ප්‍රදේශවල ඇඳිරිනීතිය පැවතියදී මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
විකිලිය කොටුවැල්පොල ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බුරුවා ගැසු 5 දෙනෙකු සහ කිරිමැටිතැන්න රන්දොල ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ 5 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිරිස ස්ථාන දෙකකදී මෙලෙස මුදල් ඔට්ටුවට බූරුවා ගසා ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ , විකිලිය සහ කිරිමැටිතැන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ය..
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd