IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇදිරිනීතිය තිබියදී මත්ද්‍රව්‍ය සමඟ නිවසකට රැස්ව සිටි 5ක් අත්අඩංගුවට

(ලලිත් නවරත්න)
 
ඇදිරිනීතිය ක‍්‍රියාත්මක වෙමින් තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 1කණුව ප‍්‍රදේශයේ නිවසක සැකක කටයුතු ලෙස රැස්ව සිටි පුද්ගලයන් පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
 
ඔවුන් සතුව තිබී අයිස් ග‍්‍රෑම් 2ක්, හෙරොයින් ග‍්‍රෑම් 01 මිලිග‍්‍රෑම් 500 ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
 

පුත්තලම සහිරා විදුහලට ආසන්නව මන්නාරම මාර්ගයේ ඇති මෙම නිවස තුළ සැකකටයුතු පිරිසක් සිටින බවත් සැකකටයුතු කාර් රථයක් සහ යතුරුපැදි කීපයක් එම ගම්මානයේ සැරිසරන බවටත් ලද තොරතුරකට අනුව මෙම ප‍්‍රදේශය තුළ පොලීසිය විසින් මෙහෙයුම ආරම්භ කර තිබුණි.
 
සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදී මෙසේ මත්කුඩු පානය කරමින් සිටි පිරිස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.
 
ඇදිරිනීතිය බලපවත්වන අවස්ථාවේ නිවසකට එකතුව සිටීමත් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්දැයි පොලීසිය සැක කරයි. 
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ඇදිරිනීතිය තිබියදී මත්ද්‍රව්‍ය සමඟ නිවසකට රැස්ව සිටි 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 332 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site