IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ආසාත්මිකතාවකින් වවුනියාවේ සිසු-සිසුවියන් 60දෙනෙකු රෝහලේ

(සිතුම් චතුරංග)

ආසාත්මිකතාවයක් හේතුවෙන් වවුනියාවේ, පාසලක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 60දෙනෙකුට ආසන්න පිරිසක්  අද(05) වවුනියාව මාමඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි මාමඩුව පොලිසිය පවසයි.

එම විද්‍යාලයේ 8 සහ 5 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් පිරිසක් රෝගී වී තිබේ.

අද දහවල් වන විට  පාසලේ සිසු සිසුවියන් 30 ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගතකර ඇති අතර සවස් කාලය වන විට තවත් සිසු සිසුවියන් 40ක පමණ  පිරිසක් රෝහලට ඇතුළත්කර තිබේ.

ළමුන්ගේ තත්වය බරපතල නොවන බවත් උදෑසන සහ දහවල් පැමිණි සිසුන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති බවත් වවුනියාව මාමඩුව රෝහල් ආරංචිමාර්ග සඳහන්කර සිටියේය.

ආසාත්මිකතාවයට හේතුව ආහාර විෂවීමක්ද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවද වවුනියාව සෞඛ්‍ය  සේවා නිලධාරීහු පවසති.

මේ පිළිබඳ වවුනියාව ප්‍රාදේශිය දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ආසාත්මිකතාවයට හේතුව තවමත් අනාවරණය නොවූ බව පොලිසිය පැවසීය. 

(ඡායාරූප - ප්‍රදීප් කුමාර)

 



අදහස් (0)

ආසාත්මිකතාවකින් වවුනියාවේ සිසු-සිසුවියන් 60දෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 411 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site