IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආබාධිත හමුදා සෙබලෙකු ඝාතනය කළ 3 ක් අත් අඩංගුවට

(චන්ද්‍රසේන ගමගේ)

කතරගම දෙටුගම දී ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලෙකුට මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (02) සවස අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉකුත් අගොස්තු මස 16 දින රාත්‍රීයේදී  ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලාගේ නිවසේදී මෙම සිදුවීම සිදුවී ඇති බව පොලිසිය කියයි.

විශ්‍රාමික හමුදා සෙබලාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ප්‍රදේශයේදීය.

පොලිස් අත්අඩංගුවට පත් වූවන් වයස අවරුදු 23ත් 30ත් අතර පසු වන අය  බවත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර හමුදා වෙන් පලාගිය සෙබලෙකුද සිටින බවත් අත් අඩංගුවට පත් සැකකරුවන් කතරගම හා හම්බෙගමුව ප්‍රදේශවල පදංචිකරුවන් බවත් පොලිසිය කීය.

සැකකරුවන් හෙට (03) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ආබාධිත හමුදා සෙබලෙකු ඝාතනය කළ 3 ක් අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site