(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ආඩිගම නගරයේදී එක් දරු පියෙකුට පහරදී මරා දැමීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා කටුනායක සහ ආඩිගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ආණමඩුව පොලිසිය විසින් අද (9) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඩිගම පදිංචි ඩි.එම් උදය ලක්සිරි, කේ.ජී.කපිල සමන්ත, ඩි.එම් .දයාරත්න, හා එච්.එච් තරංග යන සැකකරුවන් සිව් දෙනෙකි.
මොවුන් ආඩිගම නගරයේදී තරුණයින් පස් දෙනෙකුට හා මරණයට පත් වූ අයට පොලු වලින් අමානුෂික ලෙස පරදී ඇති බව කියයි.
මෙම සිද්ධීයේදී මරණයට පත්වී තිබුණේ පන්නල පදිංචි සුනෙත් පුංචිහේවා නැමති 33 හැවිරිදී අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (10) දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd