
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව ආඩිගම නගරයේ නිවසකට අද (26 ) අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත්තේ ආඩිගම නගරයේ සිට මිටර් 300 ක පමණ දුරින් අතුරු මාර්ගයක පිහිටි රියදුරේකු පදිංචි නිවසකට බවත් වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාල නිවෙස් හිමිකරු බිරිද හා පුත්‍රයා නිවසේ රැදි ඇති බව පොලිසිය කියයි .
නිවසේ හිමිකරු වන ඩබ්ලියු .එම් .රංජීත් දයානන්ද මහතා පවසා සිටයේ තමන් තම බිරිද සමග සාලය මැද නිදා සිටියදී එකවර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවු බවයි.
වෙඩි ප්‍රහාරයත් සමග තමන් දැඩි කම්පනයට පත්වු බවත් කිසිවක් කර කියා ගත නොහැකිව බිරිද සමග එම ස්ථානයේම රැදි සිටි බව ඔහු පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ තම පුත්‍රයා නිවසේ ඉදිරිපස කාමරයක නිදා සිටි බවත් වෙඩි ප්‍රහාරය එල්ල වි විනාඩි පහකට පමණ පසු පුතාද තමන් ලගට ගෙන ආරක්ෂීතව වෙනත් කාමරයට ගොස් පොලිසියට දැනුම් දුන් බව කියයි.
නිවෙස් හිමිකරු පවසන්නේ වෙඩි ප්‍රහාරයෙන් විනාඩි කිපයකට පසුව යතුරු පැදියක් ඇතින් පන නංවා වේගයෙන් යන ශබ්දය තමන්ට ඇසුන බවයි .
කුමන හේතුවක් මත තම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වුවාද යන්න ගැටළුවක් බවත් තමන්ට දැන ගන්නට කිසිදු තරහ කරුවකු නොමැති බවද ඔහු පවසයි.
වෙඩි තැබිම සිදුවු ස්ථානයට මිටර් 200 ක පමණ දුරින් වෙඩි තැබිමට යොදා ගත් බව සැකකරන බෝර 12 ගිනි අවියකට භාවිතා කරන හිස් පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයා ගෙන තිබුණි .


2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආඩිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්