(ජේ. කේ. එල්. චාමින්ද)
අලුත් අවුරුදු දින සහ පසුදින (14, 15)තුළ මාර්ග අනතුරු, ගිනිකෙළි අනතුරු හා පහරදීම්වලින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.
14වැනි දින මාර්ග අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 28 දෙනෙකු හා 15 වැනි දින පුද්ගලයින් 38 දෙනෙකු රෝහල් ගතකළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. ගිනිකෙළි අනතුරුවලින් ඉකුත් පුද්ගලයින් 08 දෙනෙකු රෝහල් ගතකර ඇත.
පහරදීම් හා ගුටි ඇණගැනීම්වලින් පුද්ගලයින් 09 දෙනෙකු 15වැනි දින රෝහල්ගතකර ඇත. ගාලු කොටුපවුර මතින් ඇදවැටීමෙන් බරපතල තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.
ඉකුත් වසරට වඩා මාර්ග අනතුරුවල සුළු අඩුවීමක් කරාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd