(නවරත්න සමරතුංග)

වන අලියෙකු පහර දීමෙන් චෙන්කල්අඩි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මංගලගම පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැදිවෙල මුදියන්සෙලාගේ නන්දසේන නැමති 59 හැවිරිදි අයෙකි.

කොහොඹගස්තලාව ප්‍රදේශයේදී කුඹුරට යමින් සිටියදී ඔහු වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත.

තුවාලකරු ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු   මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේ වන විට මෘත දේහය අම්පාර මහරෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් ඇති බව  පොලීසිය කියයි.

මංගලගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.