(එච්. චන්දන)
අරුවක්කාලු - කසළ අංගනයට නිසි පරිදි කසළ බැහැර නොකිරීමට විරෝධය දක්වමින් අද (16) දහවල් පුත්තලම නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
මුස්ලිම් බැතිමත්හු, පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතවරු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ අරුවක්කාලු කසළ අංගනයට කුණු රැගෙන යන මාර්ගයේ මෙම විරෝධතාවය පැවැත්විණි.
මෙම අවස්ථාවට පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේ උඩබාදන කුස ධම්ම හිමි, වනාතවිල්ලුව මීසම් පාලක පාලකක්‍රිස්ටි පෙරේරා පියතුමා, සුන්දරරාම් කුරුක්කල්, අබ්දුල්ලා මොහොමුද් අලී මවුලවිතුමා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තඅරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත, වයඹ පළාත් සභාවේ සභානායක චින්තක අමල් මයාදුන්න, පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ. බායිස් යන මහත්වරු එක්වී සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය මුලු රටම කුණු ගොඩක් කොට හමාරයි.
ආයේ මග කුණු හලලා තිබුනොත්.. කුණු කවනවා.. හරිද?