(සනත් ගමගේ)
 
කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන කඳවුරට ආ ගිය පුද්ගලයින් අතර අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් 14  දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර  සිටින බව අම්බලන්තොට  ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය යූ.පී මාලක මහතා කීය.
 
කෝවිඩ්-19 රෝගී තත්ත්වය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්  රෝගීන් වාර්තා වීමෙන් පසුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් බැලීමට ආ ගිය නිවෙස්වල පුද්ගලයින්ව  මෙලෙස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද ඉදිරියේ දී පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
 
අම්බලන්තොට රිදියගම, කිවුල, ඔළුවිල යන ප්‍රදේශවලින් මෙලෙස පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.