IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනුරාධපුර එළිමහන් සිරකදවුරේ සිරකරුවෙක් පැන ගිහින්

 

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර එළිමහන් සිරකදවුරේ සිරදඩුවම් ලබමින් සිටි 27 හැවිරිදි රැදවියෙකු අද (13) දින පස්වරුවේදී පැන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ සිරකදවුරින් පැන ගොස් ඇත්තේ තඹුත්තේගම පාර, ගල්වඩුවාගම, තඹුත්තේගම යන ලිපිනයේ පදිංචි පල්ලේ කංකානම්ලාගේ සමීර අනුරංග (27) නැමති අයෙකි.

මෙම පුද්ගලයා නීති විරෝධි මත්පැන් සන්තකයේ තබාගැනිමේ චෝදනා සම්බන්ධයෙන් තඹුත්තේගම අධිකරණයේ නියෝගයක් මත සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකි.

ඔහු අද (13) දින එළිමහන් සිරකදවුරේ පිරිසිදු කිරිමේ කටයුතු වල යොදවා සිටියදි පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිම සදහා බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරින් හා එක්ව අනුරාධපුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කොට තිබේ.
 



අදහස් (0)

අනුරාධපුර එළිමහන් සිරකදවුරේ සිරකරුවෙක් පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site