
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර එළිමහන් සිරකදවුරේ සිරදඩුවම් ලබමින් සිටි 27 හැවිරිදි රැදවියෙකු අද (13) දින පස්වරුවේදී පැන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ සිරකදවුරින් පැන ගොස් ඇත්තේ තඹුත්තේගම පාර, ගල්වඩුවාගම, තඹුත්තේගම යන ලිපිනයේ පදිංචි පල්ලේ කංකානම්ලාගේ සමීර අනුරංග (27) නැමති අයෙකි.
මෙම පුද්ගලයා නීති විරෝධි මත්පැන් සන්තකයේ තබාගැනිමේ චෝදනා සම්බන්ධයෙන් තඹුත්තේගම අධිකරණයේ නියෝගයක් මත සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකි.
ඔහු අද (13) දින එළිමහන් සිරකදවුරේ පිරිසිදු කිරිමේ කටයුතු වල යොදවා සිටියදි පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිම සදහා බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරින් හා එක්ව අනුරාධපුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd