IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


අනියම් සැමියාගේ පොලු පහරින් කාන්තාවක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව උප්පලවත්ත රඹාවැව ප්‍රදේශයේ අනියම් සැමියාගේ අමානුෂික පහර කෑමට ලක්වු 43 හැවිරිදි විවාහක කාන්තාවක් අද (11) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කුලියාපිටිය කොබෙයිගනේ පදිංචි විවාහක කාන්තාවක් වන මදුරප්පුලිගේ දිපාන්දනී නැමති 43 හැවිරිදි කාන්තාවක් බව කියයි.

මරණයට පත් කාන්තාව දෙදරු මවක් වන බවත් ඇයගේ සැමියාගෙන් වෙන්ව ජීවත් වන බවද කියයි. එම කාන්තාව, ඇයගේ දියණියන්ට ඇඟලුම් කාර්මාන්ත ශාලාවල සේවයට යන බව පවසමින් නිවසින් පැමිණ ඇති බවද කියයි.

මරණයට පත් කාන්තාව මාසයකට වැඩි කාලයක් ඇගේ ඝාතනය සිදුකරන ලද බව කියන සැකකරු සමග ජීවත්ව වන බවද ඊයේ (10) දින රාත්‍රියේ දෙදෙනා අතර බහින් බස් විමක් ඇතිවි ඉන් පසුව ඝාතනයට සම්බන්ධ සැකකරු  විසින් පොල්පිති වලින් පහර දී ඉන් පසුව පොරවකින්ද පහර දී ඇති බවද, එහිදී අධික ලෙස රුධිර වහනය වීමකට ලක්ව නිවසේ වැටි සිට ඇත.

 ඝාතනය සම්බන්ධව අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (11) දහවල් පැවැත්වීමට ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය පැමිණීමට නියමිතව තිබුණි.



අදහස් (0)

අනියම් සැමියාගේ පොලු පහරින් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site