
(රේඛා තරංගනී ෆොන්සේකා)
විදේශගත වූ සිය බිරිඳගේ අනියම් පෙම පිළිබඳව දැනගන්නට ලැබී සිත් වේදනාවට පත්ව මොරටු මෝදර වරාය ප්‍රදේශයෙන් මුහුදට පැන්න දෙදරු පියෙක් පැයක මෙහෙයුමකින් (05) බේරාගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා මුහුදට පනින අයුරු සහ ඔහු ගසාගෙන යන අයුරු කාන්තාවක් දැක ඇති අතර ඇය විසින් ක්ෂණිකව එගොඩඋයන පොලිසියට සිදුකළ දැනුම් දීමට අනුව එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතා සිය නිලධාරීන් සමග මුහුදට පැන්න පුද්ගලයා බේරාගැනීමට ක්‍රියාත්මක වී ඇත.
මොරටු මෝදර ධීවර වරායේ යාත්‍රා හිමිකරුවෙකු වන රෝහිත සිල්වා මහතා එම අවස්ථාවේදීම බෝට්ටුවක් ලබාදුන් බව සඳහන් කල පොලිසිය දෙදරු පියාගේ ජීවිතය බේරා ගැනීමට වහා ක්‍රියාත්මක වීමෙන් ධීවර යාත්‍රාවක් ලබාදුන් ධීවර ව්‍යාපාරිකයාගේ ඉදිරිපත්වීම ප්‍රශංසනීය බව ද පොලීසිය පැවසීය.
අදාළ ධීවර ව්‍යාපාරිකයාගේ බෝට්ටුව ක්ෂණිකව ලැබීමේ හේතුවෙන් මුහුදට පැන්න පුද්ගලයා බේරා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා පැයක පමණ මෙහෙයුමකින් පසු බේරා ගැනීමෙන් අනතුරුව සිහිසුන්ව සිටි ඔහුට ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
සිහිලද ඔහුෙගන් සිදු කළ විමසීමේදී ඔහුගේ බිරිඳ වසර පහකට පෙර මැදපෙරදිග රැකියාවට ගොස් ඇති බවත් වර්තමාන කාලයේ බිරිඳගේ යම් වෙනස් වීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇය අනියම් සම්බන්ධතාවයක පැටවී ඇති බවත් දැනගන්නට ලැබුණු බව දෙරු පියා විසින් ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු තිස් හතක් වන මොහු වයස අවුරුදු දොළහක සහ වයස අවුරුදු 17 ක දරු දෙදෙනෙකුගේ පියෙක් බව පොලිසිය පවසයි.
මුහුදට පැන්න දෙදරු පියා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසීය.
දරුවන් ගැන සිතා කටයුතු කරන්නේද අවවාද කිරීමෙන් අනතුරුව ඔහුගේ මව කැඳවා මවට ඔහුව භාරදුන් බවද පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මනුස්සයෙක්
ගැහැනු පිටරටට යවලා හම්බ කරන ආණ්ඩු ඉන්නකල් මේවා පුවත් වෙයි