(නවරත්න සමරතුංග)
වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලී අද(17) පුද්ගලයකු මිය ගොස් ඇති බව මධ්‍යමකඳවුර පොලීසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කොළඹ තන්ත්‍රිගේ සිරිපාල නැමති 16/150 ලිපිනයේ පදිංචි අයෙකි.
ඒ අනුව වල් ඌරන් වැනි වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීමට ප්‍රධාන පාරේ සිට මීටර් 250 පමණ දුරට ආවරණය කල වයරයකින් අනවසර විදුලිය ලබාගෙන එහි අග කොටස නිරාවරණය කල බකට් කම්බියකට සම්බන්ධ කර තිබි ඇත.
අලුයම් කාලයේ මොහු පිටව යද්දී මෙසේ විදුලි රැහැනේ පැටලීමෙන් එම ස්ථානයේම ඇදවැටී මියගොස් ඇති අතර පෙරවරු 10 30 ට පමණ ඔහුගේ මිත්‍රයා විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීඇත.
මෘතදේහය අද සවස් වන තුරුම එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව මත තැන්පත් කර තිබුණ අතර මේ සම්බන්ධව අම්පාර අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් මධ්‍යමකඳවුර පොලීසිය පවසයි.
අම්පාර කොට්ඨාශය භාර පොලිස් අධීකාරී ජයන්ත රත්නායක මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි පී.එම්.ජයරත්න මහතාගේ උපදෙස් අනුව මධ්‍යමකදවුර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්මසිරි මහතාගේ මෙහෙයැවීමෙන් අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහූ පරීක්ෂන පවත්වති.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනවසර විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් මරුට