IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අනතුරකින් රියදුරු අසුනේ සිරවූ තරුණයාගේ දිවි බේරාගනි

(බන්දු තඹවිට)
අනතුරකට ලක්වී කුඩා ලොරි රථයක සිරවී සිටි තරුණ රියදුරෙකු එම ලොරි රථයේ දොරවල් කඩා මහත් පරිශ්‍රමයකින් එළියට ගෙන දිවි බේරීමේ සිදුවීමක් වැලිපැන්න හිදම්පල ප්‍රදේශයෙන් අද (02) උදැසන වාර්තා විය.
 
මෙසේ බේරාගෙන ඇත්තේ ඉත්තපාන කුඩා මාලඹේ උදාර සම්පත් නම් තරුණයෙකි.
අද  උදැසන 6.30 ට පමණ ඉත්තපාන දෙස සිට ලෙව්වන්දුව දෙසට ධාවනය කරමින් තිබු මෙම කුඩා ලොරි රථය හිදම්පල  ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබු බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
 
අනතුරට ලක්වීමෙන් පසුව ලොරි රථයේ රියදුරා රියදුරු ආසනය තුලම සිරවීම නිසා ඉවතට පැමිණීමට නොහැකිව රුධිරය බේරෙමින් දැඩි වේදනාවෙන් පෙළෙමින් සිටියදී හිදම්පල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් එක්වී අලවංගු කඹ උපයෝගී කර ගනිමින් දැඩි වෙහෙසක් දරා ලොරි රථයේ දොරවල් කඩා තුවාලකරු එලියට ගැනීමට කටයුතු කළේය.
 
අනතුරුව 1990 සුව සැරිය ගිලන්රථය මගින් තුවාල කරු ඉත්තෑපාන රෝහලට ගෙන යාමට කටයුතු කළ අතර හිදම්පල ප්‍රදේශවාසීන්ගේ උත්සාහය නිසා එම තරුණයාගේ ජීවිතය බේරා  ගැනීමට හැකිවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසුහ.



අදහස් (0)

අනතුරකින් රියදුරු අසුනේ සිරවූ තරුණයාගේ දිවි බේරාගනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site