
(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
මාතර බ්‍රවුන්ස්හිල් වංගුවේ දී අද (21) ට්‍රක්රථයක් හා බසයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ට්‍රක්රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව බසයේ ගමන් කල මගීන් 5 දෙනෙකු තුවාල ලැබූ බව මාතර පොලීසිය පවසයි.
මෙම අනතුර හේතුවෙන් මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරල පාර පැයක පමණ කාලයක් වසා තැබීමට පොලීසිය පියවර ගත්තේය.
මාතර සිට මොනරාගල දක්වා ධාවනය වු බසයක් හා බණ්ඩාරවෙල සිට මාතරට එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක්රථයක් අනතුරට ලක්ව තිබුණි.
තිහගොඩ බණ්ඩත්තර පදිංචි රියදුරෙකු මෙලෙස මිය ගොස් තිබේ. තුවාලකරුවන් මාතර මහ රෝහල වෙත ඇතුලත්කර තිබේ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.