IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් වූ තරුණියගේ සිරුර වැසිකිළි වළක

(තරංග ගුණරත්න )
 කොග්ගල ප්‍රදේශයේ  පෞද්ගලික ආයතනයක රැකියාවට ගොස්  අතුරුදන් වූ බව කියන   වයස 22 වන තරුණියගේ බවට සැක කෙරෙන මළ සිරුරක්  අහංගම පොලිස් වසමට අයත්  රාහුදූව වත්ත  ප්‍රදේශයේ  වැසිකිළි වළක තිබී  අද (18 ) උදෑසන සොයා ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  වැලිගම  මූදුගමුව බතලවත්තේ පදිංචි විසි දෙහැවිරිදි  රාජපුරගේ   මදුරි නිශාදි   නමි    අවිවාහක  තරුණියකි.

ඇය පසුගිය  සැප්තැම්බර් 25 වැනි දින  ගාල්ල කොග්ගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාව සඳහා නිවසේ සිට පිටත්ව ගොස් තිබූ අතර පසුව ඇය නිවසට නොපැමිණීම හේතුවෙන්  දෙමව්පියන් විසින්  හබරාදුව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි .
 
හබරාදුව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර  ඒ අනුව මිය ගිය තරුණිය භාවිතා කළ බව කියන  ජංගම දුරකථනයේ  තොරතුරු අනුව  විමර්ශන කටයුතු මෙහෙය වීමෙන් අනතුරුව මියගිය තරුණිය සම්බන්ධ  තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට  පොලිසියට හැකිවි තිබේ.
 
තරුණිය සමඟ සම්බන්ධතාවයක් ගොඩනගාත් විසිහය හැවිරිදි   විවාහක පුද්ගලයකු පිළිබඳව  තොරතුරු අනාවරණය කරගෙන  තිබේ.
 
එම  පුද්ගලයා තරුණිය  ඝාතනයකර ඇයගේ  ඇඳුම් පුළුස්සා දමා  පාළු වැසිකිළි වළට   සිරුර   දමා  තිබියදි අද  (18 ) හබරාදුව  පොලිසිය මගින්    සොයා ගෙන තිබිණි .



අදහස් (3)

අතුරුදන් වූ තරුණියගේ සිරුර වැසිකිළි වළක

nandana Friday, 18 October 2019 10:15 AM

මෙවැනි අපරාධකරුවන්ට මරණීය දඬුවම නොදෙන බැවිනුයි අද රටේ අපරාධ වැඩිවී තිබෙන්නේ.

:       3       141

lankasri Friday, 18 October 2019 06:56 PM

මේ වගේ තිරිසන්නු තමයි අද සමාජයේ වැඩි හරියක්.

:       0       0

gunapala atiyawala Friday, 18 October 2019 11:56 PM

තරුණියන් මෙවැනි ව්‍යාසන වලින් බේරීමට නම් දෙමව්පියන් සමග ළඟ සබැඳියාවක් තබා ගත යුතු වෙයි. සෑම පෙම්වතෙක්ම තම අනාගත ස්වාමියා ලෙස සලකන්න එපා. නිදැල්ලේ ඉන්න තරුණයින් බොහෝ විට ඔබව රැවටීමට පත් කරාවි. .වැඩිහිටි පියෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site