IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අතුරුදන්ව සිටි කතකගේ සිරුර සොයාගනී

(නවරත්න සමරතුංග)

අතුරුදන් ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇය පදිංචිව සිටි නිවස පිටුපස වළ දමා තිබියදී අද (12)  සොයාගත් බව තිරුක්කෝවිල පොලීසිය කියයි. 

මියගොස් ඇත්තේ විනයාගපුරම්, තිරුක්කෝවිල පදිංචිව සිටි ලෙච්චමී සනහම් හෙවත් මලර් නැමති 52 හැවිරිදි කාන්තාවක බවට හඳුනා ගෙන ඇත. 

සිද්ධිය වූ 10 වන දින ඇගේ සැමියා කුඹුරට ගිය අවස්ථාවේ මෙම කාන්තාව සහ ඇගේ දියණියගේ දරුවාද සමග නිවසේ සිට ඇත. 

මෙම කාන්තාව දහවල් අසළ කඩයකට ගොස් පැමිණෙමින් සිටි බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙදින දහවල් කුඹුරේ සිට නිවසට පැමිණ ඇති ඇයගේ සැමියා සවස් වනතුරු ඇය නොපැමිණි බැවින් දියණියට සහ බෑණාට දැනුම්දී තිරුක්කෝවිල පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය කළ මූලික පරීක්ෂණයේදී කිසිදු හෝඩුවාවක් දැන ගන්නට ලැබී නැත. 

විමර්ශන නිලධාරීන් පරීක්ෂා කරනවිට නිවස පිටුපස අඩක් වැඩ නිමකර තිබූ නාන කාමරයක් අසලින් දැඩි දුඟඳක් වහනය වූ බවත්, එම ස්ථානයේ වළ දමා තිබී මළසිරුර සොයාගත් බවත් පොලිසිය කියයි.

අක්කරපත්තු අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අධිකරණ නියමය මත අධිකරන වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය මත මෘත දේහය ගොඩ ගැනීමට  පියවර ගෙන තිබිණ.

මෙය මිනීමැරුමක් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුව ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.



අදහස් (0)

අතුරුදන්ව සිටි කතකගේ සිරුර සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site