IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අගමැති පැමිණි හෙලි කොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී දෙදෙනෙකුට තුවාල

(කතරගම එම්.කේ. නන්දසේන)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම උත්සවයකට පැමිණි හෙලිකොප්ටර් යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික්ගඟේ දියනාමින් සිටි පිරිමියෙකු සහ කාන්තාවක තුවාල ලබා අද (03දා) පෙරවරු 8.30 ට පමණ කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණි.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකලේ මාතර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ දියනාමින් සිටි ජී.එල්.ඒ.ජගත්සිරි (53) සහ ගාල්ල පෙරුමගේ කරුණාසීලි (64) නැමති දෙදෙනාය.

රුපියල් ලක්ෂ 745 ක වියදමින් අභිනවයෙන් ඉදිකල කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (03) පෙරවරු 9.00 ට විවෘත කිරිමට නියමිතව තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කතරගම ගංගාරාම විශ්‍රාමශාලාව අසල ගුවන් අංගනයට අග්‍රාමාත්‍යවරයා බස්සවා නැවත ඉන්ධන ලබාගැනීම සඳහා ගුවන් ගතකරන අතරවාරයේ ගඟ ඉවුරේ තිබු ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇතිබව කියයි.

කතරගම පොලිසිය මෙිපිළිබදව පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

අගමැති පැමිණි හෙලි කොප්ටරයේ සුළං පහරට ගසක අත්තක් කැඩී දෙදෙනෙකුට තුවාල

Raveendra Saturday, 03 August 2019 07:27 AM

අපරාදේ ගහ සහ අහිංසක මිනිසුන් දෙදෙනා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site