( මොහොමඩ් ආසික් )
අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ අකුරණ නගරයෙන් සිට තෙළඹුගහවත්තේ පිහිටි සිය නිවසට ගිය ත්‍රීරෝද රථයේ රියදුරු සොයා ගැනීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණ අකුරණ නගරයෙන් ත්‍රීරෝද රථයක් ගෙන නගරයේ සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර එම ත්‍රිරෝද රථය සහ එහි රියදුරු සොයා ගැනීම සඳහා පොලීසිය කටයුතු සිදු කරමින් සිටී.
මෙම ආසාදිත පුද්ගලයා ත්‍රීරෝද රථයෙන් රැගෙන ගිය රියදුරුට වහාම පොලීසියට හෝ සෞඛ්‍ය අංශයට ඉදිරිපත් වන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd