IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ළමා අපයෝජකයකුට ළමා අධිකාරියේ උපෙද්ශක තනතුරක්

 

(විනීතා එම් ගමගේ)

උප ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී බරපතල ලිංගික අපචාර චෝදනාවකට වරදකරුවී වැඩ තහනමකට ලක්වූ පුද්ගලයෙක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා අංශභාර උපදේශකවරයෙකු  ලෙස පත්කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.  

1983 වසරේ මරදන්කරඩවල විද්‍යාලයක 9 වසරේ ඉගෙගනුම ලැබු දැරියක බරපතල ලිංගික අපයෝජනයට  ලක්කර ඇති මෙම තැනැත්තා එකී සිද්ධිය  නිසා වැඩ තහනමට ලක්ව ඇති අතර ඔහුට එරෙහිව විනය පරික්ෂණයක්  එවකට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සිදුකර  තිබිණි. ඔහු  වරදකරු බවට පත්වී ඇත්තේ මෙම පරික්ෂණයෙනි. 

ඒ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරන වත්මනේ පවතින නීති නොතිබු අතර අදාල පුද්ගලයා වරදකරු බවට  පත් කර ඇත්තේ එවකට පැවැති සාමාන්‍ය නීතිය මඟින් පමණකි. 

මෙම උපදේශකකවරයා වනිතා කටයුතු ඇමතිනිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර එවීම පිළිබඳව එම අධිකාරියේ විරෝධය පළවී ඇතැයි පැවැසේ. 

එවැනි තැනැත්තෙකු මෙරට දරුවන් වෙනුවෙන් කටයුතු කරන ප‍්‍රමුඛතම ආයතනය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයට පත් කිරීම කිසිසේත්ම නොවිය යුත්තකැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 



අදහස් (7)

ළමා අපයෝජකයකුට ළමා අධිකාරියේ උපෙද්ශක තනතුරක්

ravi Wednesday, 07 March 2018 08:31 AM

මෙයාට වෘතීය තහනමක් නේද දෙන්න තිබුනේ ...

:       0       246

sachith Wednesday, 07 March 2018 08:49 AM

පේනවනේ අපේ රටේ ඉන්න පලකයෝන්ගේ ක්‍රියා. අඩුම ගානේ වෙන ආයතනයකට පත් කරත් කමක් නෑ. මේ පාලකයෝ මේ රට දියුණු කරයි කියල හිතන ඉන්න පිරිසකුත් මේ රටේ ඉන්නවා.

:       0       63

Senarath Wednesday, 07 March 2018 09:33 AM

දැන් ඔක්කොම කරන්නේ ඒ විදියට තමයි.

:       0       56

lalithsjm Wednesday, 07 March 2018 09:47 AM

ජනාධිපතිතුමා මේක පත්තරේන්වත් දැකල නැද්ද ?

:       0       304

ලුම්බිණි Thursday, 08 March 2018 03:53 AM

ළමයින් පිළිබඳව කටයුතු කරන අයට පොලිස් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන්න බැරි මොකද? වෙන රට වල කරන දේවල් බලල හරි කටයුතු කරන්න.

:       0       3

Bamunuarachchi Friday, 09 March 2018 05:18 AM

පුරවැසිකම් නැති අයට මහබැංකු අධිපතිකම්, ළමා අපයෝජකයකුට ළමා අධිකාරියේ උපෙද්ශක තනතුරක් හීනෙන්වත් ජනාදිපති වෙන්න නොසිතු අයට ජනාදිපති කම්, 30 වතාව පැරදුන කෙනෙකුට ඒ පැරදුන පක්ෂයෙන්ම රටේ අගමැතිකම මොනවද මේ රටට වෙලා තිබෙන්නේ.

:       0       3

Bamunuarachchi Friday, 09 March 2018 05:22 AM

ළමයින් පිළිබඳව කටයුතු කරන අයට පොලිස් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන්න බැරි මොකද? ළමයින් පිළිබඳව පමණක් නොවෙයි කාර්යාල සහයකගේ සිට ජනාධිපති දක්වා සියලුම රැකියා සහ සේවා වලට ගැනීමේදී පොලිස් සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site