(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කෘමි සතුන් අල්ලාගෙන මෙරටින් රැගෙන යාමට තැත් කිරීම ඇතුළු චෝදනා 80 ක් සඳහා නිවරදිකරුවන් බව පැවසූ විදේශිකයන් දෙදෙනෙකු අප්‍රේල් මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (28) නියෝග කළේය.
හූවෙයි සහ යුවාන් ලින්ෆෙන් යන චීන ජාතිකයන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඉකුත් පෙබරවාරි මස 18 දින මෙම චීන ජාතිකයන් දෙදෙනා හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයේ අධි සංවේදි පේරක කලාපය තුළදී මෙරටට ආවේණික කෘමි සතුන් අල්ලාගෙන රසායනික ද්‍රාවණයක බහාලා මෙරටින් රැගෙන යාමට තැත් කොට සිටියදි වනෝද්‍යාන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් එම චීන ජාතිකයන් දෙදෙනා අවස්ථා දෙකකදී නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර තිබිණි.
මෙම නඩුව අද (28) දින කැදවු අවස්ථාවේ හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් චීන ජාතිකයන් දෙදෙනාට එරෙහිව චෝදනාවන් 80 ක් ගොනු කර ඉදිරිපත් කොට තිබු අතර එම චෝදනාවන්ට නිවරදිකරුවන් බව ඔවුන් පවසන ලදි.
අප්‍රේල් මස 09 දින සිට මෙම නඩුව විභාගයට ගැනීමටත් එතෙක් චීන ජාතිකයන් දෙදෙනා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කළේය. චීන ජාතිකයන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ සංජීව කෞශල්‍ය ඩයස් මහතා පෙනී සිටියේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර හා නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න යන නිලධාරී මහත්වරුන් මෙම නඩුව ගොනු කොට අධිකරණයට කරුණු දක්වමින් පෙනී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෘමීන් ඇල්ලූ විදේශිකයින් දෙදෙනා රිමාන්ඩ්