(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා විපක්ෂනායක ධූරයේ සිටීමට නුසුදුසු බව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ජාතික ගැටළුව ඇතුළු දෙමළ ජනතාවගේ මූලික ගැටළුවලට විසදුම් ගෙන දීමට අපොහොසත් වී ඇති මොහොතක සම්බන්ධන් මහතා විපක්ෂනායක ධූරයෙන් ඉවත් විය යුතු බවද හෙතෙම කියා සිටියේය.
රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පලකර සිටියේය.
සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරයෙන් ඉවත් වූයේ නම් මෛත්‍රී රනිල් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවත් ඔහු මේ ධූරයේ සිටින තාක් දෙමළ ජනතාවගේ අර්බුධ වෙනුවෙන් රජයට බලපෑමක් එල්ල කළ නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
එමෙන්ම උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වය මත නව දේශපාලන බලවේගයක් ආරම්භ කරන්නේ නම් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ සහායද ඊට හිමිවනු ඇති බවත් මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය මත එය තීරණය වනු ඇති බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
290
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සම්බන්ධන් විපක්ෂ නායක ධුරයට සුදුසු නෑ‘ - ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
Bamunuarachchi Thursday, 19 April 2018 11:07 PM
උතුරු නැගෙනහිරට අයිතිවාසිකම් කියන්නේ ඔවුන්ට එම පළාත් වෙන්කර දුන්නේ කව්රුන්ද?