(නිමල කොඩිතුවක්කු)
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුනහොත් තමන් ඇතුලු පිරිසක් විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  අශෝක් අබේසිංහ  මහතා ලංකාදීපයට පැවැසීය.
 
තමන් සමග විපක්ෂයේ බහුතර කණ්ඩායමක් මෙම ස්ථාවරයේ සිටින බවත් සඳහන් කළ අබේසිංහ මහතා පක්ෂයෙන් ඉවත් කළත් එම ස්ථාවරයේ වෙනසක් නැතැයිද සඳහන් කළේය.
 
එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙම ගැටලු නිරාකරණය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
 
 
එමෙන්ම මේ සම්බන්දයෙන් පක්ෂයේ නායකයින් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.