IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා  වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර වන ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම නිවේදනයෙහි තවදුරටත් මෙසේද දැක්වේ.

    "ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩ වලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ.රටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කෙරෙන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහජන අවධානයට යොමු වීම නොවැලැක්විය හැකිය. රටේ නායකයන් මේ සත්‍යය වටහාගත යුතුය.

අප වෙත ලැබුණු වාර්තා හා විස්තර අනුව මෙය තර්ජනයක් වශයෙන් බොහෝ දෙනෙකු සලකන අතර ප්‍රභාකරන් ගේ ඝාතනය ගැන සඳහන් කරන හේතුවෙන් එය මරණීය තර්ජනයක් වශයෙන් ද හැඳින්වීමට පටන්ගෙන තිබේ.

සමහර ස්වාමින් වහන්සේලා විසින් එතුමාට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් වී ඇති හෙයින් ඒ කරුණ ගැන සමාජයේ හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබීම ගැන අපි අතිශය කණගාටුවට පත්වීමු.

බෞද්ධ භික්ෂුන් වහන්සේනමක් විසින් කිසි දිනක ප්‍රාණගාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව තිබේ.

මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද තම ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වී ඇත. ඒ පිළිබඳවද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ  අවධානය යොමු විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරමු. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.



අදහස් (2)

‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘

Babun Wednesday, 13 January 2021 04:37 PM

රංජා ඇතුළට ගියේ ඒකයි.

:       2       0

BamunuarachchiWednesday, 20 January 2021 06:25 AM

ගියේ යායුතු නිසයි. එහෙම කිව්වොත් වඩාත් නිවැරදියි..

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10964 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 65 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 897 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site