IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබනවා’

(රොමේෂ් මධුෂංඛ)
 
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියළුම අපේක්‍ෂකයන්ට බාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ 5 ක් සරසවි සිසුන් විසින් පිළියෙළ කරන ලද යෝජනාවලි සංදේශයකට එම දේශපාලන පක්‍ෂවල නායකයින් විසින් අත්සන් කර ඇත.

උතුරු හා නැගෙනහිර සරසවි සිසු සංගම් විසින් එසේ පිළියෙළ කරන ලද සංදේශය මගින් දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු හා ඒ වෙනුවෙන් දිය හැකි විසඳුම් පිළිබඳවයි.

ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ලබන  ඕනෑම අපේක්‍ෂකයකුගෙන් අදාළ ගැටලු වෙනුවෙන් විසඳුම් ඉටු කර ගැනීමට අපේක්‍ෂිත කරුණු එහි දක්වා තිබෙන අතර මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන අපේක්ෂකයා දෙමළ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරනු ඇතැයි ද බලාපොරොත්තු වන බවත් එම සන්දේශයේ අන්තර් ගතව ඇත.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා දෙමළ ජාතික ජනතා පෙරමුණ හා සී.වී.විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය ඊට අත්සන් තබා ඇති පක්‍ෂ වේ.

කෙසේ වෙතත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් මහතාගේ පක්ෂය වන දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂය විසින් අදාළ යෝජනාවලිය ඇතුළත් සංදේශයට අත්සන් තබා නොමැති අතරම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිවම පක්ෂයක් ආරම්භ කළ සී.වී.විග්නේශ්වරන් ද මෙම සංදේශය වෙනුවෙන් එක්ව අතසන් තැබීම විශේෂත්වයක් වේ.

මෙම සංදේශය ඉදිරියේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් වෙත බාරදීමට නියමිත බවට එම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් වැඩිදුරටත් පැවසූහ.
 



අදහස් (1)

‘ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබනවා’

Bamunuarachchi Sunday, 27 October 2019 10:11 AM

නොවැම්බර් 16 වැනිදායින් පස්සේ බාරදෙන්න. මේ වෙලාවේ ඕවා කියව කියවා ඉන්න වෙලා නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site