IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘නාලක ද සිල්වාගෙන් මෙතරම් ප්‍රශ්න කරන්නේ එය විශාල කුමන්ත්‍රණයක් විය යුතුයි‘

(විනීතා එම් ගමගේ)


ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් දින තුනක් තිස්සේ ප‍්‍රකාශ ගන්නේ ඒ තරම් විශාල ප‍්‍රශ්නයක් මෙම  කුමන්ත‍්‍රණය පිටුපස තිබෙන නිසා විය යුතු යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව  නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

 

මේ සිද්ධිය තුළින් රාජ්‍යය හෙල්ලූම් කා ඇතැයි ද රටේ අභයන්තර අර්බුදයක් මෙන්ම බාහිර අර්බුදයක් පැන නැගී ඇතැයි ද මේ වනවිට රෝ සංවිධානය දක්වා ප‍්‍රශ්නය ඔඩු දුවා ඇතැයි පැහැදිලි යැයි ද හෙතෙම කියා සිටියේය. 


ඝාතන කුමන්ත‍්‍රණ ගැන ජනාධිපතිතුමන් අදහස් දක්වමින් පරික්ෂණවල ප‍්‍රගතිය ඉතා සෙමින් සිදුවන බව පවසා ඇතැයි ද එතුමා එසේ කියන්නේ තමනුත් නොදන්නා බොහෝ දේ දන්නා නිසා විය  හැකි යැයි ද එජාපයට සිනහවට ලක් කරන කරුණක් වී ඇති මෙම කුමන්ත‍්‍රණ කථාව පිළිබඳව එජාපයේ නිහඬතාව බලවත් හඬක් යැයි තමන්ට සිතෙන බවද මන්ත‍්‍රීවරයා පැවැසීය. 


මෙම කුමන්ත‍්‍රණයට රෝ සංවිධානය පැටලවීමට හදන්නේ පරික්ෂණ නොමඟ යැවීමට යැයි කී නානායක්කාර මහතා සැබැවින්ම ජනාධිපති ඝාතන උවමනාව ඇත්තේ ඇමෙරිකන් ඔත්තු සේවාවන්ට යැයි ද කීය. ඇමරිකා ඔත්තු  සේවාවන්හි අරමුණ ඔවුන්ගේ නියෝජිතයා රටෙහි නායකයා කිරීම යැයි ද හෙතෙම සඳහන් කළේය.   


එය තර්ජනයක් ලෙස දුටු රෝ සංවිධානය මේ කුමන්ත‍්‍රණය හෙළි කිරීමට කටයුතු කළ බව තම වැටහීම යැයි ද නානායක්කාර මහතා කීය.


ද හින්දු පුවත්පත හොඳ අනු දැනුමක් ඇතිව කටයුතු කරන පුවත්පතක් යැයි පැවසූ මන්ත‍්‍රීවරයා බොහෝ දේ සිදුවන්නේ රනිල් මහතාගේ උවමනාවට බව පෙනී යන්නේ යැයි ද කීය. 


ඉකුත් නොවැම්බරයේ සිට මේ දක්වා ඔහු ඉන්දියාවට තෙවතාවක් ගොස් ඇති  බවත් මෙදා කැබිනට් රැස්වීම අවසන් වූ වහාම එහි ගිය බවත් ඔහු සඳහන් කළේය. වරායේ නැගෙනහිර පර්යන්තය, ත‍්‍රිකුණාමල හා මඩකලපු ගුවන් පථ ද පලාලි ගුවන් තොටුපල ද දෙන්නට පොරොන්දු වී ආවත් කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයාගේ විරොධය හේතුවෙන් එය කළ නොහැකි වූ බැවින් ඒ පිළිබඳව කථා කරන්නට එහි ගියා යැයි සිතන බව ද නානායක්කාර මහතා පැවසීය. 


නාලක සිල්වා ගැන තහවුරු වන සාක්ෂි නැතැයි පොලිසිය කියන නමුත් නාමල් කුමාර මේ ගැන කියනවා නම් එයම සාක්ෂියක් කරගෙන පරික්ෂණ නොකරන්නේ මන්දැයි විමසා සිටින බව ද කියා සිටියේය. 



අදහස් (1)

‘නාලක ද සිල්වාගෙන් මෙතරම් ප්‍රශ්න කරන්නේ එය විශාල කුමන්ත්‍රණයක් විය යුතුයි‘

rocky Wednesday, 31 October 2018 02:58 AM

අර නඩු විභාග වෙන්න බොහොම කල් ගත වෙන හින්ද ඒවත් බොහොම බරපතල නඩු විය යුතුයි නේද?

:       113       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 238 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2093 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site