IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විශ්වාසභංග යෝජනාවේදී අගමැති ආරක්ෂා කරන්නට කැපවුණු දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරීම තබා විපක්ෂයේ අසුන් ගැනීමටවත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳුදා (16) පැවසීය. 

විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය ඇත්තේ රනිල් වික්‍රමසිංහට කඬේ යන පක්ෂ නායකයන්ට නොව තුන් වසරක් තිස්සේ වර්තමාන දේශද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව සටන් කරන ඒකාබද්ධ විපක්ෂයට බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

මිනුවන්ගොඩ ආසනයේ පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

“මේ වතාවේ උදාවෙලා තියෙන්නේ ජනතාවට කිරිබතක්වත් උයාගන්න බැරි වුණු අවුරුද්දක්. පොල් ගෙඩිය රුපියල් සීයට ගිහින්. හාල් කිලෝව එකසිය විස්සට ගියාම කොහොමද මිනිස්සු කිරිබත් උයන්නේ කියලා මේ ආණ්ඩුවට කල්පනා වෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කිසිම නායකයකුට ජනතාව කන බොන විදියෙන් වැඩක් නැති නිසයි.

ජනාධිපතිවරයා නමට සරල ජනාධිපති වුණාට, ගොවි පුතා වුණාට වැඩක් නැහැ මිනිස්සුන්ට අතදිග ඇරලා සිංහල අවුරුද්ද සමරන්න ඉඩක් නැත්නම්. අගමැතිවරයා නම් කුරුඳුවත්තේ ස්ටයිල් හින්දා සිංහල අවුරුද්දෙන් වැඩක් නැහැ. මං දැක්කා එතුමා අවුරුදු සැමරිල්ල පැත්තක තියලා නුවරඑළිය පැත්තේ ගිහින් කේක් කපනවා. අවුරුද්දට කේක් කපන අගමැති කෙනෙක් හරියන්නේ ලංකාවට නෙමේ එංගලන්තය වගේ රටකටයි. 

මේක තමයි මේ යහපාලන ආණ්ඩුවේ ගමන් මාර්ගය. ජනතාවට හෙණ ගැහුවත් කමක් නැහැ තමන්ගේ බලය රැකෙනවා නම්. උදේ ඉඳන් රෑ වෙනකම් කල්පනා කරන්නේ ජනතාවට සහන දෙන්නේ, රට සංවර්ධනය කරන්නේ කොහොමද කියලා නෙමේ තමන්ගේ බලය රැකගන්නේ කොහොමද කියලයි. ඒ වගේ තුප්පහි ආණ්ඩුවක් මේක. අවුරුදු තුනක් රට කෑවා ඇර රට වෙනුවෙන් කරපු එක වැඩක් නැහැ. 

මම දැක්කා සමහරු කියනවා අගමැතිට එරෙහිව විශ්වාසභංගයට සහයෝගය පළ කරපු නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ ඉන්න අයිතියක් නැහැ කියලා. එතකොට අපි අහන්න කැමැතියි අගමැතිව ආරක්ෂා කරන්න කටයුතු කරපු අර විපක්ෂ නායකවරයා ඇතුළු දෙමළ සන්ධානයට විපක්ෂයේ ඉන්න අයිතියක් තියෙනවද කියලා. 

 අගමැති, ආණ්ඩුව රකින්න විපක්ෂ නායකවරයා රෙදි නැතුව කඬේ යන එකම රට ලංකාව වෙන්න ඇති. අගමැතිගේ පදයට නටන විපක්ෂ නායක ඊට වඩා හොඳයි ආණ්ඩුවට ගිහින් ඇමැතිකමක් ගත්තා නම්. මේ විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට මිසක් ආණ්ඩුව රකින්න රෙදි නැතුව කඬේ යන දෙමළ ජාතික සන්ධානයට නෙමෙයි. 

පහුගිය අවුරුදු තුන පුරාම මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව සටන් කළේ ඒකාබද්ධ විපක්ෂය පමණයි. ඒ හින්දයි ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහයෝගය දැක් වූ පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නේ. මේ රටේ සැබෑ විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය කියන එක දැන් රටටවත් ලෝකයටවත් රහසක් නෙමෙයි. 

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණු ගැනවත් සලකන්නේ නැහැ. විපක්ෂයේ සිටින ලොකුම මන්ත්‍රී කණ්ඩායම සිටින්නේ අපටයි. මන්ත්‍රීවරුන් 56ක් සිටින අපට විපක්ෂ නායකකම නොදී මන්ත්‍රීවරුන් 16ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දරන්න අවස්ථාව දීලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මොන නිර්ණායකය මතද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. 

අද නිදහස් පක්ෂය තුනට කැඩිලා ඉවරයි. ඒකේ ඉන්නවා ජනාධිපතිවරයාට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක්. එයාලා තමයි මෛත්‍රී පිල. ඊළඟට ඉන්නවා රනිල්ට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක්. විශ්වාසභංගයට සහයෝගය නොදී ගෙවල්වල ඇඳන් යට රිංගපු සමහර ලේකම්ලා එහෙම අයිති වෙන්නේ නිදහස් පක්ෂයේ මේ රනිල් පිලටයි. 

 ඊළඟට ඉන්නවා නිදහස් පක්ෂයේ වැඩිම පිරිසක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද පිල. රට වෙනුවෙන්  කතා කරන, රට වෙනුවෙන් පෙනී සිටින සැබෑ මහජන නියෝජිතයන් ඉන්නේ මේ මහින්ද පිලෙයි. අපි අනෙක් මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි ඔය රනිල්ගේ කටු ලොවන අය නම් අපි බාරගන්න සූදානම් නැහැ. 

 මොකද මහලොකු ඇමැතිකම් දැරුවත් ඒ අය දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ අය දැන් දේශපාලනමය වශයෙන් අවලංගු කාසි. පක්ෂයට මේ ඉරණම අත්කළේ වර්තමාන ජනාධිපතිවරයයි, සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ වත්මන් ලේකම්වරුන් දෙන්නයි. 

ඒ අය එකතු වෙලා තමයි නිදහස් පක්ෂයේ ගෙල සිර කළේ. ඒ අය එකතු වෙලා තමයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එළවලා දාලා බබා දේශපාලනඥයන්ට ප්‍රධාන තනතුරු දීලා පක්ෂය විනාශ කළේ. මේ සාපයෙන් ගැලවෙන්න එයාලට කවදාවත් බැහැ. බණ්ඩාරනායක මහත්තයා ජීවතුන් අතර හිටියා නම් පක්ෂය විනාශ කරපු ද්‍රෝහීන්ට හොඳ පාඩමක් උගන්වයි” යැයි ද ඔහු කීවේය.

 



අදහස් (4)

විපක්ෂ නායක ධුරයේ සැබෑ අයිතිය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි

Saththaya Thursday, 19 April 2018 04:44 PM

හැමදේටම අයිතිය ඇත්තේ ඒකාබද්ද විපක්ෂයට විතරයි. මොකද වැඩියෙන්ම පොහොසත් පක්ෂයනේ.

:       0       164

athula Friday, 20 April 2018 11:05 AM

මහින්දගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය මැර බලය යොදා රටේ වටිනා ඉඩම් කොපමණ අයිති කරගෙන තිබේද? මේ අයටත් ඡන්දෙ දෙන ජනතාවක් ඉන්න රටක් මේක... මේ මහජන දේපළ කපලු කරන අයට හේන්වත් නැහැ... එ්කත් රටේ දුප්පතුන්ට විතරයි.

:       0       2

Ranjith Silva Saturday, 21 April 2018 07:51 AM

ඔය නමින් පක්ෂයක් කොහෙද තියෙන්නේ? නිකම් මාධ්‍ය සංදර්ශන විතරම තමයි.

:       0       1

de silva Saturday, 21 April 2018 01:31 PM

ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔය පක්ෂේ සාමාජිකත්වය ගත්ත මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේ නැත. ඒකාබද්ධ විපක්ෂේ වාඩිවෙලා ඉන්න ලොකුම කණ්ඩායම අයිති ශ්‍රීලනිපෙට.. ඉතින් කොහොමද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ගන්නේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30784 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12812 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10924 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 822 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 246 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site