නාලක සංජීව දහනායක
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ලැබුණු බවට තමන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උත්සාහ ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.
නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලය ඇතුළතදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 16 ට වැඩි සෘජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පූරු සමාගම්වලින් ලැබී ඇති බව සභාව කල්තැබීමේ විවාදයේදී තමන් කළ ප්‍රකාශය හැන්සාඞ්ගතවී ඇති බැවින් ඒ පිළිබඳ සත්‍යතාවය ඕනෑම පුද්ගලයකුට පරික්‍ෂාකර බැලිය හැකි බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසාවෙන් දැනටමත් විදෙස් ආයෝජන රාශියක් ලැබී තිබෙන බවත් පසුගිය මාස දෙකහාමාර ඇතුළතදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 16කට වැඩි සෘජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පූරු සමාගම් වලින් ලැබුණා.
ඒ අනුව සියයට සියයක් අපනයන අරමුණුකරගත් ඇමරිකානු ඩොලර් බිලියන 14.8ක ආයෝජන සහිත තෙල්පිරිපහදු සංකීර්ණයක් , වානේ නිපදවන කර්මාන්ත ශාලාවක් , ඇමරිකානු ඩොලර් මිලියන 50 වටිනාකමක් සහිත තිරිඟු පිටි සහ ඇමරිකානු ඩොලර් මිලියන 200 වටිනාකමක් සහිත සීනි පිරිපහඳු සංකීර්ණයක් සඳහා වූ යෝජනා ලැබී තිබෙනවා.
මේ සියල්ලේම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16 වැඩියි. ආයෝජන මණ්ඩලය මඟින් මේ සඳහා දැනටමත් අවසරය දී තිබෙනවා. ඉඩම් නිදහස් කිරීමෙන් පසුව නිසි පාරිසරික බලපෑම් අධ්‍යයනයෙන් පසුව එම ව්‍යාපෘති ආරම්භ කරන බවත් මම පාර්ලිමේන්තුවේදී පැවසුවා.
විවාදයේදී ගිවිසුම පිළිබඳව සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට හෙළිදරව් වීම නිසා ඒකාබද්ධ විපක්‍ෂය බලාපොරොත්තු වූ දේ ඉටුවුනේ නැහැ. ඒ නිසා මා විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කර ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධ විපක්‍ෂය උත්සාහ ගන්නා බවද කීය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධය උත්සාහ ගන්නවා - මලික් සමරවික්‍රම
Raveendra Friday, 27 July 2018 05:57 PM
අම්මපා.. හරිම අවංක හීනෙන්වත් වංචාවක් ගැන නොසිතන සතර පෝයට 8 සැරයක් සිල්ගන්න අම්බරුවෙක් කියන කතා...