IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කොරෝනා දෙවැනි රැල්ලේ කතාව ඡන්ද ප්‍රතිඵලවලින් පේනවා

(*** විනීතා එම්.ගමගේ)

මුදල් බලය හෝ ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නැති බව මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම බෙදුම්වාදී දේශපාලකයන්ට අන්තවාදය කරපින්නාගෙන ගිය දේශපාලනඥයින්ට හා වංචාව, මුලාව දේශපාලනය කරගෙන ගිය දේශපාලනඥයින්ට ද මෙවර මැතිවරණයෙන් ජනතාව හොඳ කනේ පාරක් දී ඇතැයිද ඔහු කියා සිටියේය.

මුසම්මිල් මහතා මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහමඩ් මුසම්මිල් මහතා දේශපාලන පක්ෂවලට හා දේශපාලනඥයින්ට ජනතාව බද්ධ වන්නේ මාළුවාට වතුර මෙන් යැයි ද දේශපාලනඥයින් සිටිය යුත්තේ ජනතාව නමැති දියේ යැයි ද කීය.
 
මහ මැතිවරණයේ දී අතිවිශාල පිරිසක් එනම් සියයට හැත්තෑවක් ජනතාව ඡන්දය පළ කර තිබූ බවත් ඔවුන් සියලු දෙනාට ස්තූති කරන අතර එයින් පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා පොහොට්ටුවට ඡන්දය දුන් අයට තම විශේෂ ස්තූතිය පළ කරන බවත් ඔහු පැවැසීය.
මෙරට පැරණි දේශපාලන පක්ෂවලින් එකක් වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට ජනතාව අහිමි කරගත් මියගිය දේශපාලන පක්ෂවලින් එකක් බවට පත් කරගෙන ඇතැයි පැවසූ ඔහු ඉතිහාසයේ පළමු වතාවට 1977 න් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැති පාර්ලිමේන්තුවක් ඇති වී ඇතැයි ද පැවසීය.

මැතිවරණයට පෙර පාඨලී, අනුර, සජිත් රාජිත වැනි අය විශාල උත්සාහයක් දරමින් මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරමින් සිටි බවත් එසේ බැරිවූ තැන කොරෝනා දෙවැනි රැල්ලක් ගැන කියමින් ඡන්දය කල් දමාගැනීමට තැත් කළ බවත් කී මුසම්මිල් මහතා ඊට හේතුව මේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයිද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මාස නවයක් ඡන්ද තුළ ලක්ෂ විස්සක් අහිමි කරගෙන ඇති බව කී ඔහු ජනාධිපතිවරණයේදී ලක්ෂ පනස් පහක් ලබාගත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35ක් වත් ලබා නැතැයි කීය.

මීළඟ පළාත් සභා මැතිවරණයේදී ඔහු අතහැර දමන ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ කොපමණ වේ දැයි සිතා ගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.

විද්වතුන් පමණක් දේශපාලනයේ සිටිය යුතු යැයි තමන් විශ්වාස නොකරන බවත් විවිධ සමාජ ස්ථර නියෝජනය කරන සමාජ ක්‍රියාකාරිකයින් දේශපාලනයේ සිටියු යුතු යැයි කියන අනුර දිසානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ කවුරුන්දැයි ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ යැයිද සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර දිසානායක මහතා ලබා ගත් දා සිට එහි පරාජයේ මාවත විවර වී යැයි කී මුසම්මිල් මහතා නිවැරදි දේශපාලන මාර්ගයක් තෝරා ගත් අවස්ථාවක ජනතාව ජනතා විමුක්ති පෙරමුණට ආසන 37ක් දුන් බව අමතක කළ යුතු නැතැයි ද පැවසීය.

එ ජනතා විමුක්ති පෙරමුණ දැන් හොට පටළවාගෙන සියයට තුන අභිභවා ගොස් 225 ටම තුන බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ පරාජයේ වගකීම අනුර මහතා භාරගනී ද ටිල්වින් මහතා භාර ගනීද යන්න පැහැදිලි නැති බවත් එජාප පරාජයේ වගකීම භාරගෙන රනිල් වික්‍රමසිංහ මහතා නම් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

කොරෝනා දෙවැනි රැල්ලේ කතාව ඡන්ද ප්‍රතිඵලවලින් පේනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 317 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2133 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site