IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලියා හෝ හංසයාගෙන් අපි ඡන්දෙට එනවා

එක්සත් ජාතික පක්ෂ මහලේකම්  
අකිල විරාජ් කාරියවසම්

  • අපි ඔක්කොම එකට එකතු කරගෙන මේ ආණ්ඩුව පලවා හරිනවා
  • යම් යම් මතවාද අපේ පක්ෂයේ තියෙනවා. ඒත් පක්ෂයේ විවිධ පාර්ශ්ව නෑ
  • මේ පක්ෂය කැඩෙනවා නම්, පක්ෂය ගැන හිතලා ඕනෑම පරිත්‍යාගයක් කරන්නයි මම සූද‌ානමෙන් සිටියේ

 

ජාතික සමගි ජන බලවේගයේ ලාංඡනය පිළිබඳ අර්බුදය, ඉදිරි මහා මැතිවරණයට මුහුණ දෙන ආකාරය ආදී වැදගත් දේශපාලන තේමා කීපයක් ගැන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ කළ සාකච්ඡාවක් මෙසේය. 

 

 ප්‍රශ්නය:- යූඇන්පීයට තවම අර්බුද විසඳ‌ාගන්න පුළුවන් වෙලා නෑ. අලුත් සන්ධානයේ ලාංඡනය ගැනවත් අවසන් තීරණයක් නෑ. මොකද වෙන්නේ?  


පිළිතුර:- ලාංඡනය සම්බන්ධයෙන් මත කීපයක් තිබුණා. අවසන්වරට පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අපි තීරණය කළා අලියා හෝ හංසයා ලකුණු දෙකෙන් එකක් තෝර ගන්න. ඉතා ඉක්මනින් අවසන් තීන්දුව ගන්න අපි බලාපොරොත්තු වෙනවා.  


 ප්‍රශ්නය:-  ආණ්ඩුව පත්වෙලා ගෙවුණු දින සීයේදි යූඇන්පිය කළේ පක්ෂය ඇතුළෙ අර්බුද විසඳාගන්න කටයුතු කරපු එක මිසක් ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරපු එක නෙවෙයි කියල පාක්ෂිකයො චෝදනා කරනවා?  


පිළිතුර:- ඕනෑම පක්ෂයක් ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ගියහම විවිධ අර්බුදවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ ආණ්ඩුව වුණත් 2015 පරාද වුණහම ගොඩක් ප්‍රශ්නවලට මූණ දුන්නා. සමහරු රට ද‌ාලා පවා ගියා. ශ්‍රීලනිපයෙ තව කොටසක් කැඩිලා ආණ්ඩුවට එකතු වුණා. මේක සාමාන්‍ය ස්වභාවය. හැබැයි අපේ ආණ්ඩුවේ දින සීයයි. මේ ආණ්ඩුවේ දින සීයයි, අතර වෙනස ජනතාවට පැහැදිලි කරන්න ඕනැ. අපේ ආණ්ඩුවෙ මුල් දින සීයෙදි අපි බඩු මිල අඩු කළා. රාජ්‍ය සේවක වැටුප් සීයට 107 කින් වැඩි කළා. තෙල් මිල ගණන් අඩු කළා. හැබැයි මේ ආණ්ඩුවේ දින සීයෙදි කළේ ජනතාව පාරට බස්සලා පහර දුන්නු එක විතරයි. බඩු මිල නැගලා තියෙනවා. අද මේ ආණ්ඩුවේ කල්ක්‍රියාව ජනතාව තේරුම් අරන් තියෙන්නෙ.  


 ප්‍රශ්නය:-  හැබැයි මේ දින සීය ඇතුළෙ මහ බැංකු බැඳුම්කර වංචාව වගේ වංචා වුණේ නෑ.  


පිළිතුර:- අපේ ආණ්ඩුව කාලෙ බැඳුම්කර මගඩියක් වුණා නම් ඒකට දඬුවම් දෙන්න එපැයි. ඒක පුස්සක් බවට පත්වෙලානෙ තියෙන්නේ. වෝහාරික විගණන වාර්තාවලින් ඔප්පු වුණානෙ කවුද හොරකම් කරලා තියෙන්නේ කියලා. රාජපක්ෂ ආණ්ඩුව කාලෙ තමයි බැඳුම්කර වංචා බරපතළ විදියට සිද්ධ වෙලා තියෙන්නේ.  


 ප්‍රශ්නය:- ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික සමගි ජන බලවේගය සූද‌ානම් වෙන්නෙ කොහොම ද?  


පිළිතුර:- ළඟ එන මැතිවරණයට තරග කරන්නේ කොහොමද කුමන ක්‍රමවේද පාවිච්චි කරනව ද කියල අපි 28 වැනිද‌ා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණය කරනවා. ඒ ගැන අපිට කලබලයක් නැ. අපි ඔක්කොම එකතු කරගෙන පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකින් තියලා පක්ෂයත් ආරක්ෂා කරගෙන මේ ආණ්ඩුව පලවා හරිනවා.  


 ප්‍රශ්නය:-  ඔය වැඩේ කරන්න රනිල් - සජිත් පාර්ශ්ව දෙක එකතු වෙලා ද තියෙන්නේ?  


පිළිතුර:- මාධ්‍ය කියන විදියට අපේ පක්ෂයේ පාර්ශ්ව නෑ. පක්ෂය ඇතුළෙ යම් යම් මතවාද තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විදියට අපි ඒකට ඉඩ දීලා තියෙනවා. අවසානයේ හැමෝගෙම එකඟතාව ඇතිව හොඳ මතයකට එන්න උත්සාහ කරනවා.


 ප්‍රශ්නය:- කටකතාවක් ගියා ඔබ මහලේකම් කමෙන් ඉවත් වෙන සූද‌ානමක හිටියා කියලා. ඒක ඇත්ත ද?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම විටෙක මම ප්‍රකාශ කළා මේ පක්ෂය කැඩෙනවා නම් පක්ෂයට අලියා ලකුණ නැති වෙනවා නම් අපිට මේ පක්ෂයේ ඉඳලා වැඩක් නෑ කියලා. ගම් මට්ටමේ ඉඳලා ජාතික දේශපාලනයට අපි ආවෙ මේ පක්ෂයෙන්. ඒ නිසා එජාපය හා අලියා ලකුණ කියන්නෙ ගහට පොත්ත වගේ. මේ පක්ෂය කැඩෙනවා නම් මේ තනතුරු වැඩක් නෑ කියලා මම කල්පනා කළා. ඒ නිසයි මම කිව්වෙ පක්ෂය ගැන හිතලා ඕනෑම පරිත්‍යාගයක් කරන්න ලෑස්තියි කියලා.  


 ප්‍රශ්නය:- පසුගිය ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයාට සිංහල බෞද්ධ ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වුණා. පක්ෂ නායකත්වය පවා මේ තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගත්තා. ඒ ඡන්ද යළි දිනාගන්න තියෙන වැඩපිළිවෙළ මොකක් ද?  


පිළිතුර:- පහුගිය ජනාධිපතිවරණයේදී සිංහල - බෞද්ධ යැයි කියා ගන්න පිරිසක් ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා එයාලගෙ ඡන්ද ව්‍යාපාරය කළා. බුදුන් වහන්සේ දේශනා කළ දර්ශනය අනුව නෙවෙයි ඔවුන් කටයුතු කරන්නේ. බුදු වදන් පවා වෙනස් කරලා දේශපාලනය කරන තැනකට ඒ කණ්ඩායම ඇවිත් ඉන්නෙ. බෞද්ධාගමේ හරය දන්න නියම බෞද්ධයො මේ මහා ඡන්දෙදි අපිත් එක්ක ඉන්නවා කියලා අපිට විශ්වාසයි. මේ ආණ්ඩුවේ නියම ස්වභාවය ජනතාව දැන් තේරුම් අරන් තියෙන්නේ. ජනතාව ආපහු රැවටෙන්නේ නෑ.  


 ප්‍රශ්නය:- ඒ වුණාට ආණ්ඩුව නම් කියන්නෙ මහ ඡන්දෙදි තුනෙන් දෙකක බහුතර බලයක් අරන් ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියලා.  


පිළිතුර:- තුනෙන් දෙකක් තියා බහුතර බලයවත් ආණ්ඩුවට මේ සැරේ ගන්න බෑ. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු කෙනෙක් අද හොයා ගන්නවත් බෑ. දැනට තියෙන තොරතුරුවලට අනුව මේ ආණ්ඩුවට ඡන්දය දුන්න ජනතාවගෙන් ලක්ෂ 15 ක විතර පිරිසක් නැවත මේ ආණ්ඩුවට ඡන්දෙ නොදෙන්න තීරණය කරලා තියෙනවා.   


 ප්‍රශ්නය:- ඒ වුණාට මන්ත්‍රීතුමා, ජනාධිපතිතුමා ගන්න ඇතැම් තීරණ ගැන ජනතාව ප්‍රසාදයෙන්නෙ කතා කරන්නෙ. ඔය කියන විදියෙ විරෝධයක් ආණ්ඩුවට තියෙනවා නම් එහෙම වෙයි ද?  


පිළිතුර:- ජනාධිපතිතුමාගේ හොඳ ක්‍රියාමාර්ග ගැන ජනතාව කතා කරයි. හැබැයි ඒ ගොල්ලො මේ මහ ඡන්දෙටත් ගේන්නෙ පරණ වයින්ම තමයි. වෙනස තියෙන්නේ අලුත් බෝතල්වල ද‌ාල ගේන එකේ විතරයි. ජනතාවට මේවා අලුත් දේවල් නෙවෙයි. මොකද ජනතාව දන්නවා මේ අය ඉතිහාසයේදී රට පාලනය කරපු හැටි. 2015 දී ජනතාව රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළෙත් ඒ නිසයි. ඒ කණ්ඩායමම ආපහු බලයට ගෙනාවොත් එක පවුලක් වටා බලය කේන්ද්‍රවුණු පරණ පාලන ක්‍රමයම තමයි ආපහු ඇතිවෙන්නේ.  


 ප්‍රශ්නය:- ඔබලා බලයට ගෙනාපු සිරිසේන හිටපු ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයයි ශ්‍රී ලංකා එකයි එකතු වෙලා හදපු සන්ධානයේ සභාපති. ඔහුගේ මේ භූමිකාව ගැන මොකද හිතෙන්නේ?  


පිළිතුර:- අපිට මේක පේන්නෙ කොමඩි එකක් වගේ. එතුමා රාජපක්ෂලා ගැන වගේම ඒ ආණ්ඩුව ගැන කියපු දේවලුත් රාජපක්ෂ ආණ්ඩුව එතුමා ගැන කියපු දේවලුත් මතක් වෙන කොට මේක පේන්නෙ කොමඩියක් වගේ තමයි. එතුමා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් ඒ ආණ්ඩුවෙ වැරදි කියපු හැටියට ආපහු ඒ අය එක්කම එකතු වෙලා සන්ධාන හදලා ඒවයෙ තනතුරු ගත්තෙ හෘද සාක්ෂියක් ඇතුව ද කියන එක අපිට සැකයි. අපි පරාජයට පත් වුණත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වෙලා ඉන්නවා.  


 ප්‍රශ්නය:-  පිටින් අපේක්ෂකයො ගෙන්නලා දිනවන වැඩ ආපහු එජාපය කරන්නෙ නැද්ද?  


පිළිතුර:- අපිට පිට අපේක්ෂකයො අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට ඕනෑ තරම් අපේක්ෂකයො ඉන්නවා.  


 ප්‍රශ්නය:-  පාර්ලිමේන්තුවෙ ඉන්න එජාපෙ සියලුම මන්ත්‍රීවරුන්ට මීළඟ මහ ඡන්දෙට නාමයෝජනා ලැබෙනව ද? 

 
පිළිතුර:- එහෙම එකක් නෑ. අපේ නාම යෝජනා මණ්ඩලයෙන් පක්ෂ විනය ආරක්ෂා කිරීම, පක්ෂය වෙනුවෙන් කරලා තියෙන කැපවීම් වගේ කරුණු කීපයක් සලකලා බලලා තමයි අපේක්ෂකයන්ට නාම යෝජනා දෙන්නෙ.  


 ප්‍රශ්නය:-  එතකොට රන්ජන් රාමනායකට මොකද වෙන්නේ?  


පිළිතුර:- ඒ ගැන නාමයෝජනා මණ්ඩලයෙන් තීරණයක් ගනියි.  


 ප්‍රශ්නය:- 2015 දී යහපාලන ආණ්ඩුව බලයට එන්න ගෙනාපු හොරු ඇල්ලීම, දූෂිතයන්ට දඬුවම් දීම වගේ සටන් පාඨ ඒ ආණ්ඩුවේ නායකයොම අතඅරිද්දී ඒ වෙනුවෙන් දිගටම කතා කරපු රන්ජන්ට වුණු දේ ගැන සමහර පාක්ෂිකයන් කලකිරීමෙන් කතා කරනවා. ඒ ගැන ඔබ හිතන්නෙ මොකක් ද?  


පිළිතුර:- ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත තියෙනවා. සමාන හා පරස්පර මත තියෙනවා. පක්ෂයක් විදිහට එතුමා ගැන තීරණයක් ගන්නෙ ඒ සියල්ල අධ්‍යයනය කරලා.  


 ප්‍රශ්නය:- පහුගිය ආණ්ඩුව කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙ අක්‍රමිකතා සිදුවෙලා තියෙනවා කියලා මේ ආණ්ඩුව චෝදනා කරනවා. හිටපු විෂය බාර ඇමැතිවරයා විදියට ඔබට ඒ ගැන කියන්න තියෙන්නේ මොකක් ද?  


පිළිතුර:- මධ්‍යම සංස්කෘතික අරමුදල මගේ යටතේ තිබුණු කාලයේ කිසි වංචාවක්, දූෂණයක් වුණේ නෑ කියලා මම ඉතාම වගකීමෙන් කියනවා. ඒකෙ තිබුණු වංචා දූෂණ හොරකම් මම නතර කළා. බොහෝ වැරදිවලට තිත තියන්න පුළුවන් වුණා. නොයෙකුත් මෑන් පවර් සමාගම් හදලා ඒවට අරමුදලෙ සල්ලි දීලා තිබුණා. ඒ සමාගම් මගින් සේවයේ යොදවපු එක් සේවකයෙකුට රුපියල් 1200 ගාණක් අරමුදලෙ සල්ලි වලින් වෙන් කරලා තිබුණත් සේවකයෙක්ට දිනකට ගෙවලා තිබුණේ රුපියල් 600 ගාණයි. මම ඇවිත් මේවා නවත්තලා සියලු කටයුතු විධිමත් කළා. මම මධ්‍යම සංස්කෘතික අරමුදල බාර අරගෙන අවුරුද්දක් ඇතුළත ඒකෙ ආද‌ායම රුපියල් බිලියන 350 කින් වැඩි කළා. පහසුකම් අඩු වෙහෙර විහාරස්තාන 1500 කට වැඩි ප්‍රමාණයකට අපි රුපියල් ලක්ෂ පහ බැගින් ලබා දුන්නා. රට පුරා තියෙන වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කළා. අපි කරපු වැඩ ගැන මේ අරමුදලෙ ඕනැම කෙනෙක් දන්නවා.

 

 

සාකච්ඡා කළේ - 
උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

අලියා හෝ හංසයාගෙන් අපි ඡන්දෙට එනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 202 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1188 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 972 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site