IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හොර අස්සන් යෙදූ පොහොට්ටු අපේක්ෂකයා රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඡන්ද ප්‍රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීමට ඉඩමේ හිමිකරුගේ අත්සන හොරට යොදා මොරවක පොලිස් ස්ථානය වෙත ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කළ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු හෙට (23) දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරවක වැඩබලන මහේස්ත්‍රාත් අජිත් අබේසේකර මහතා නියෝග කළේය.

එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ ඉන්දික කුමාර විජේසිංහ නමැති මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකි.

ඔහු තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉකුත් 17 වැනි දින සවස 2.00 සිට රාත්‍රි 8.00 දක්වා වරල්ල පැලවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ඡන්ද ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සදහා ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම වෙනුවෙන් ඉඩමේ හිමිකරුගේ කැමැත්ත සදහන් කර ලිපියක් ඉදිරිපත් කර තිබුණි. ඒ ජනවාරි මස 5 වැනිදාය. පසුව ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ අදාල ප්‍රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා සවස 2.00 සිට රාත්‍රි 10.00 වන තෙක් අවසරය ඉල්ලා තිබේ. සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා ඉඩමේ හිමිකරුගෙන් අවසර ලිපියක් රැගෙන එන ලෙසට පොලීසිය දැනුම් දී තිබෙන අතර ඉකුත් 12 වැනිදා ඔහු එම ලිපියද ඉදිරිපත් කර ඇති නමුත් අදාල ලිපි දෙකේ අත්සන් එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකයට බාර කෙරිණි.

ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී හෙලි වී ඇත්තේ ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම සදහා මොරවක පොලීසිය වෙත ලබා දුන් දෙවැනි ලිපිය ඉඩමේ හිමිකරු ලෙස සැකකාර අපේක්ෂකයාම අත්සන යොදා ඉදිරිපත් කර තිබෙන බවයි.

තවද ඉඩමේ හිමිකරු ද එය තම අත්සන නොවන බවට පොලීසිය වෙත ප්‍රකාශයක්  ලබා දී තිබේ. ඒ අනුව අත්සන හොරට යොදා කූට ලේඛනයක් සාදා එය සැබෑ ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරිමේ වරදට සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

 

 



අදහස් (6)

හොර අස්සන් යෙදූ පොහොට්ටු අපේක්ෂකයා රිමාන්ඩ්

Nissanka Sunday, 21 January 2018 06:35 AM

පොහොට්ටුවේ ඉන්න ඔක්කොම හොරු තමා.

:       6       179

rocky Sunday, 21 January 2018 01:42 PM

ඔන්න පොහොට්ටුවෝ දැන්මම වැඩ පටන් අරන්. මොවුන් දිනුවොත් කොහොම හිටීවිද? පොහොට්ටුවන්ට දෙන ඡන්දය හොරුන්ට, තක්කඩින්ට, මගෝඩියන්ට යළිත් රට කන්න ඉඩදීමකි.

:       6       311

LapayaMonday, 22 January 2018 02:27 AM

තනිකර ඇත්ත, චන්දය දෙන්න මහා බැංකුව සුරා කාපු අහිංසක පක්ෂෙට. සාක්කු සල්ලි වලින් පුරවයි.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 21 January 2018 10:32 PM

පොහොට්ටු ලොක්කා ඇදේට යන කෙනෙක් වූ විට අනිත් අය කෙසේ කෙලින් යන්නද?

:       0       15

Ajith Nissanka Monday, 22 January 2018 12:09 AM

මේවා මේ අයට නුහුරු නුපුරුදු වැඩ නෙවෙයී!

:       0       0

sanju Monday, 22 January 2018 02:23 AM

මෙයාව දැන්මම එලවන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site