(ඉන්දිකා රාමනායක)
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරයට ගෙන සිටි දෙදෙනාගෙන් මොහොමඞ් මුෆාර් මොහොමඞ් ජබීර් (30) නැමැත්තා අද (9) මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔහු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පුද්ගලයා අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය නොවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මොහු සමග මෙරටට පැමිණි කොළඹ 10 මාලිගාවත්ත පෙදෙස් පදිංචි මොහොමඞ් නසීම් මොහොමඞ් ෆසිසාර් (37) නැමැත්තා මාලිගාවත්තේ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට හෙළි වීම නිසා එම සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට පෙරේදා රාති‍්‍රයේ බාර දී තිබුණි.
එම සැකකරු ඊයේ පස්වරුව වනවිටත් කොළඹ අපරාධ කොට්ඨාය බාරයේ ප‍්‍රශ්න කරමින් සිටි බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
Sugath Wednesday, 10 April 2019 04:29 AM
ස්තුතියි නිදහස් කරාට. අපි දන්නවා මේවා වෙයි කියලා.