(ඉන්දිකා රාමනායක)
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක් සිවිල් ආරක්ෂක බළකායේ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම පිරිසෙන් 26840 ක් ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව වෙනුවෙන් ද තවත් 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් ජංගම සංචාර වෙනුවෙන් ද යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ අද (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ඡන්ද මධ්‍යස්ථාන වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති බවත් මෙම ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආවරණ වන පරිදි පොලිස් ජංගම සංචාර 3225 ක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ජංගම සංචාර එක් ජංගම සංචාරයක් ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණය වන පරිදි යොදවා ඇති බවද හෙතෙම කියා සිටියේය.
එක් ජංගම සංචාරයක් සදහා පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරයෙක් සහ සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක් යොදවා ඇති බවත් හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.
මෙම ජංගම සංචාර වලට අමතරය ප‍්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම ආරක්ෂාවට අමතරව ප‍්‍රතිළුල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් වෙනුවෙන් පොලිස් 1275 ක පිරිසක් යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන පරිදි පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් සහ සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදේශ මට්ටමින් කැරලි මර්දන කණ්ඩායම් 140 ක් ස්ථාන ගතකර ඇති අතර විවිධ තනතුරු වලට අයත් නිලධාරීන් 1106 ක ඒ සදහා යොදවා ඇත.
මෙයට අමතරව දිවයින ආවරණය වන පරිදි පොලිස් මාර්ග 464 ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 3248 ක පිරිස් යොදවා ඇති බවද කියති.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුංචි ඡන්දෙට 65760ක පොලිස් ආරක්ෂාවක්