IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අ​ෙගා්ස්තු මස ග්‍රහ ගමන ඔබට කරන බලපෑම

ඔබගේ ලග්නාධිපති බුධ හා යෝගකාරක සිකුරු ශුභදායි අයුරින් ගමන් කරන මෙම මාසයේදී ඹබගේ වැඩකටයුතු ක‍්‍රියාකාරකම්වලට යහපත් වාතාවරණයක් ගොඩන​ැ​ෙඟන්නේය. විශේෂයෙන් දෛනිකව තමා කරන කියන වැඩකටයුතු සාර්ථක වන අරමුණු ඉටුවන මාසයක් ද වේ. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත් කර ගත හැක.  


අධ්‍යාපනය  
පසුගිය මාසයට වඩා පතපොතට සිත යොමු වෙයි. විවිධ පුද්ගලයන් ආශ‍්‍රයෙන් දැනුම වැඩිදියුණු කර ගනී. වෘත්තීය පාඨමාලා කරන ස්ථාන කෙරෙහි හෝ තාවකාලික රැකියාවක් වුවද ලැබේ. පසුබෑමට ලක්ව තිබූ විෂයන්ගෙන් හා වෘත්තීය අධ්‍යාපනයන්ගෙන් විශේෂ දක්‍ෂතා දැක්වීමට හැකි වේ. අලුත් දේ ඉගෙනීමටත් මෙම මස තූළ ඔබට අවස්ථාව ලැබේ.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ධන අය භාවාධිපතීන් පීඩා නොමැති බැවින් මෙම මස තුළ ධනෝපායන මාර්ග ස්ථානයන්හි පරිසරය යහපත් වන අතර තම අවශ්‍යතා සපුරා ගැනීමට කෙසේ හෝ මිල මුදල් හිමි වේ. බල පෑ ආර්ථික අපහසුතාවන් පහව යනු ඇත. කෙසේ නමුත් ඔබ මෙහිදී ඥාතීන් සමඟ දේපළ ආරවුල්වලට නොපැටලෙන්න. දේපළවලින් බලාපොරොත්තු රහිත හිරිහැර සහ ආරවුල් ඇති වේ.  


ඔබ මෙම මාසයේදී රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු කෙරෙන් අලූත් දෙයට සම්බන්ධ වේ. තම සුදුසුකමට රැකියා අයදුම්පත් යැවීමටත් අවස්ථා සැලසේ. මෙතෙක් පාඩු ලබමින් පවත්වාගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරයක් නවතාවකින් යුතුව නැවතත් අරඹයි. ජීවනෝපාය මාර්ග කෙරෙහි විශේෂ උනන්දුව කැපවීම මැනැවින් ගොඩනැ​ෙගන මාසයකි. තම රාජකාරියට ආයතනය තුළ පැසසුම් හිමිවීමක් ද ගෙනදේ.

 
ප්‍රේම දිවිය හා යුග දිවිය  
ඔබට මෙම මස තුළ යුගදිවිය හා ප්‍රේම දිවිය කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර ඵල ඇති කරයි. හදිසියේ ඇතිකර ගන්නා සබඳතා යෝජනා තුළින් හදිසි විවාහ සිදුවීම්ද පෙන්වන මාසයකි. විශේෂයෙන් තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා පිළිබඳ සැක උපදවා නොගන්න. ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාවලට යම්යම් අවහිර බාධා විරුද්ධවාදීකම්ද එල්ල වීමට ඉඩ තිබේ. මේවා කෙරේ අවධානයෙන් කටයුතු කරන්න.  

 

ලග්නාධිපති හා යෝගකාරකයන් බලයෙන් හැසිරෙන මෙම මාසය තූළ ඔබගේ දෛනික කාර්යය කටයුතු බොහොමයක් සැලසුම් කළ පරිදි සාර්ථක වන්නේය. තෘප්තිමත්ව කාර්යය කටයුතුවල නිරත විය හැකිය. ශූභඵල දායක මාසයකි. ආගිය තැන කැපී පෙනෙමින් කටයුතු කළ හැකි වෙයි. එසේම මෙම දක්ෂතාවයට හැකියා කුසලතාවට ඔබට නිසි තැන ලැබෙන මාසයක් වනු ඇත.  


අධ්‍යාපනය  
විද්‍යාස්ථානය බලවත් බැවින් සිය අධ්‍යාපනික කටයුතු කෙරෙහි හා දැන උගත් අයගේ ඇසුර උදෙසා උනන්දුවක් ඕනෑකමක් දක්වයි. සැලැසුම් සහගතව උද්යෝගයෙන් සිය ඉගෙනීම් කටයුතුවල නියුතු වීමටත් හැකියාව ලැබේ. ඔබගේ සියලූ අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කෙරෙන මාසයකි. අලුත් වෘත්තීය පාඨමාලාවලට සම්බන්ධ වෙයි. පුස්තකාල පොත් අලෙවිසැල්වල වැඩිපුර ගැවසෙන මාසයක්ද වන අතර තරග විභාගවලින් ජය ලැබේ.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ධන අයභාවාධිපතීන් විශේෂ ධන භාවයේ ගත කරන මෙම මාසය ආර්ථික හා දේපළ ලාභ උපයා සපයා ගැනීමට හැකියාව ලැබේ. එබැවින් නව ආදායම් මාර්ග ගොඩනැඟී ආර්ථිකයේ ප‍්‍රගතියක් මෙම මාසයේදී සිදුවන්නේය. බලපෑ ආර්ථික ගැටලූ බොහොමයකින් නිදහස් වීමට හැකිවනු ඇත. උරුම හිමිකම් ප‍්‍රශ්න නිරාකරණය වී මීට අදාළ යම්යම් ලාභ ප‍්‍රයෝජන ද සැලසෙන්නේය. තැන්පත් ධනයට යමක් එකතුවේ.  


රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද යහපත් වාතාවරණයක් ගොඩනැගේ. විශේෂයෙන් රැකී රක්‍ෂා ව්‍යාපාර කටයුතුවල නව වෙනසක් සිදුවන්නේය. උසස්වීම්වලට පසුබිම සැකසෙන අතර, විදෙස් රැකියා අපේක්‍ෂාවක් ද ඉටුවී සිතෙහි සහනයෙන් සතුටින් රාජකාරියේ නිරත වීමට හැකි වේ. උගත් කමට හැකියා කුසලතාවට නිසි තැන ලැබෙන මාසයකි. සම්මුඛ පරීක්ෂණයකින් ජය ලැබි, නව රැකියා අවස්ථාවක්ද හිමිවන තැනට කටයුතු පිළියෙල වේ.  


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
මංගල භාවාධිපති හා විවාහ කාරක සිකුරු තරමක් දුර්වලව හැසිරෙන නිසා ඔබට පසුගිය කාලය තුළ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙහි සිතට ඇතිවී තිබූ අසහන සිත් තැවුල් මෙම මස තුළද බලපානු ඇත. එමෙන්ම මේවාට බලපා තිබූ වැඩිහිටි විරෝධතා වුවත් මෙහිදී ද තරමක්දුරට බලපායි. ප‍්‍රශ්නකාරී ස්වභාවයට, මතභේදයට ලක්ව පැවැති ප්‍රේම සබඳතා නැවතත් සාමකාමී තත්ත්වයට පත්කරගන්නට දැඩි වෙහෙසක් ගන්නට සිදු වේ. කෙසේ වෙතත් හැඟීම්වලට මුල්තැනක් නොදී ඊට නතු නොවී, ආත්ම ගෞරවය රැකෙන පරිදි සමාජයේදී හැසිරෙන්න.

 

මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා යෝගකාරක කිවි ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් හැසිරෙන මෙම මාසය ඔබගේ කාර්යය කටයුතු කෙරෙහි ශුභාශුභ මිශ‍්‍ර බවක් ගෙනදේ. අගෝස්තූ මස මැද භාගයෙන් පසු වැඩි වශයෙන් ශුභ ඵල, උදාවී යහපතට කටයුතු පිළියෙල වීම සිදුවන්නේය.  


අධ්‍යාපනය  
විද්‍යස්ථානාධිපති බලවත්ව ගමන්කරන නිසා උනන්දුවෙන් කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකිය. උදාසීන ගති පෙන්වූ අධ්‍යාපන කටයුතූ කෙරේ දක්‍ෂතා පෙන්නුම් කරයි. අධ්‍යාපනික කටයුතු, පාඨමාලා වැනි කටයුතු සඳහා විදේශගත වීමට හෝ දුරබැහැර පෙදෙසක යාමට සිත යොමු වෙයි. සියලු අධ්‍යාපන වැඩවලට උනන්දුව කි‍්‍රයාශීලී භාවය ඇති වෙයි.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
මෙම මස තුළ ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලැසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම්වල යෙදේ. ඒ නිසා එම තත්ත්වය පාලනය කරගන්න. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. එසේම ගනු දෙනු වලදිත් කල්පනාකාරී වන්න.  


අධිෂ්ඨානශීලීව රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නිරත වුවහොත් දැඩි ගැටලු ඇති නොවී දියුණුවට කටයුතු පිළියෙල කර ගත හැක. මෙම මස මැද භාගයෙන් පසු තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණාදියට කැඳවීම් ලිපි ලැබේ. එහිදී තම දක්‍ෂතාවන්ට ගැළපෙන තාවකාලික රැකියාවක් හෝ ලැබේ. රාජකාරියට හා ව්‍යාපාරික කටයුතුවලට පැන නගින සතුරු කුමන්ත‍්‍රණ, විරුද්ධවාදීකම් කෙරේ අගෝස්තූ මුල් සති දෙකේදී අවධානයෙන් පසුවන්න.  


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
අගෝස්තූ මස අග සති තුන තුළ ආදර සබඳතා හා දැන හැඳිනුම් වැනි දෑ කෙරෙහි යහපත් වන අතර, මුල් සති දෙක මේවා කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැ​ෙග්. විශේෂයෙන් මෙම මාසයේදී ඔබට නුසුදුසු හා නොගැළපෙන සබඳතා ගොඩනැඟීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක සංකා උපදවන දෑ සිදු නොවන ලෙස අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. ශුභාශුභ මිශ‍්‍රයි.  

 

ඔබේ ලග්නයේ යෙදෙන ග‍්‍රහ බලය හේතු කොටගෙන බැලීමේදී මෙම මස තුළදී ඔබගේ යහපතට කටයුතු පිළියෙල වන්නේ මුල් සති දෙකේදී පමණි. අරමුණු සැලැසුම් සාර්ථක කර ගනිමින් ප‍්‍රයෝජනවත් දෑ සිදුවීමටත් ඉඩ ප‍්‍රස්තා එහිදී සැලසේ. සිතැඟි පරිදි කාර්යයන් ඉටුවනු ඇත. පසුගිය දින කිහිපය තුළ බලාපොරොත්තු වු කාර්යයන් රැසක් ඔබට මෙම මස මුල් දින 15 දී ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත.  


අධ්‍යාපනය  
විශේෂයෙන් ඔබට මෙම මස තුළ සිය අධ්‍යාපනික කටයුතුවල නව පිබිදීමක් ගොඩනඟා ගත හැකි වන්නේය. අලුත් අලුත් දේ ඉගෙනීමටත්, විෂයන් වෙනසකටත් මෙහිදී අවස්ථාව සැකසේ. විද්‍යා හා තාක්‍ෂණික දැනුම වැඩිදියුණු වන මාසයක් වන අතර ශිෂ්‍යත්ව ලාභාදියට ද අවස්ථාව සැකසේ. ඉගෙනීම් කටයුතුවලට අදාළ යහපත් දෑ රැසක් සිදුවන්නේය.

 
ආර්ථික හා රැකියාවේ තත්ත්වය  

ලැබීම් අතින් මෙන්ම ඉපැයීම් මාර්ගවලින් වැඩි දියුණුවක් සැලසුණත් වියදම් පසද ඒ අයුරින්ම ගෙනදේ. කලක සිට අය කර ගැනීමට තිබූ ණය මුදලක් හෝ හිඟ වැටුප්, දිරි දීමනා වැනි මූල්‍ය ලාභ ලැබෙනු ඇත. පොදුවේ ගත් කළ අපේක්‍ෂිත මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේය. දේපළ උපයා සපයා ගත හැකි අතර මිට බලපැ ප‍්‍රශ්නද පහව යයි. අවසන් සති දෙක ගනු දෙනුවලදී කල්පනාකාරී වන්න.  


ඔබගේ රැකියා ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. එසේම තම රැකියා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පෙරට වඩා උනන්දුව යොමුවීම ඇති කෙරේ. ආයතන ප‍්‍රධානීන්ගේ හොඳ හිත දිනාගැනීමටත් ඔබට හැකිවන්නේය. ස්වයං හා හවුල් ව්‍යාපාරවල වැඩිදියුණුවටද යම්යම් ක්‍රියාදාමයන් ගනී. ඒවායේ සාර්ථකත්වයද ගොඩනැගෙන මාසයකි. විශේෂයෙන් රැකියාව කෙරෙන් තෘප්තිමත් බවක් ඇතිවන මාසයක්ද වේ.   


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
ආදර දිවියේ හා යුග දිවියේ කටයුතු මෙම මස මුල්දින 10න් පසු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. අවිනිශ්චිතව පැවැති සබඳතා ස්ථීර තහවුරු වේ. ගත වු මාසයට සාපේක්‍ෂව බලන කල නව සබඳතා ගොඩනැඟීම හා විවාහ යෝජනා ගෙන ඒම ඔබට මෙම මාසය තුළ තිරවශයෙන් පෙන්නුම් කරයි. සිත් ගත් විරුද්ධ ලිංගිකයා සමඟ හිත මිත‍්‍රකම් ගොඩනඟා ගැනීමටත් අවස්ථාව උදාවේ. ප්‍රේම සබඳතා ඇති අයගේ අන්‍යෝන්‍ය බැඳීම සහජීවනය වැඩිදියුණුවන මාසයකි.   

 

ඔබගේ ලග්නයේ අත්‍යවශ්‍ය ග‍්‍රහයන්ගේ බලය හේතුකොට ගෙන ඔබට මෙම මස මුල් සති දෙකට වඩා අවසන් සති දෙකේදී උත්සාහයේ පමණට මැනැවින් ප‍්‍රතිඵල අත්කරගත හැකිය. ඔබගේ මානසික සංයමය, චිත්ත ඒකාග‍්‍රතාව ඇතිවීම නිසා බාහිර ප‍්‍රශ්න ද විසඳාගෙන, අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට එහිදී පසුබිම සැකසේ.  


අධ්‍යාපනය  
මෙම මස අවසන් දින 15 තුළදී සිය අධ්‍යාපනික කටයුතු, තරග විභාග ආදියෙන් ජයග‍්‍රහණ අත්පත් වන්නේය. එසේම එහිදී අලුත් පාඨමාලා හා විෂයන් ඉගෙනීමටත් අවස්ථාව සැලසේ. පොදුවේ මෙය තමාගේ නිර්මාණාත්මක හැකියාවද මැනැවින් පිළිඹිබු වන මාසයකි. නොපසුබට උත්සාහයෙන් කටයුතු කළහොත් අධ්‍යාපනික ජයග‍්‍රහණ රැසක් ගොඩනගා ගත හැකිය.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ඔබට මෙම මස තුළදී තම ආදායම් කටයුතුවල ප‍්‍රමාණවත් වර්ධනයක් ගොඩනගා ගත හැකිය. තම අත්‍යවශ්‍ය කටයුතු රැසක් ඉටුකර ගැනීම සඳහා අපේක්‍ෂා කළ ණය ගනුදෙනුවක්ද ලැබීම සිදුවේ. කෙසේ වෙතත් ඔබ අන්‍යයන්ට හිතවත්කමට ණයට හෝ පොලියට මුදල් දීමෙන් වළකින්න. අවිශ්වාස අය සමග ගනු දෙනුවල නිරත නොවන්න. අඩපණව පැවැති නිශ්චල චංචල දේපළ මගින් කිසියම් ආදායමක්ද ලබා ගැනීමට හැකි වෙයි.  


තමා නිරත රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් විටින් විට සිතේ තරමක චංචලකමක් ඇති වුවත් ධෛර්යය නැති නොකොට කටයුතු කර ජයග‍්‍රහණ සලසා ගනී. නව රැකියා තනතුරු උදෙසා තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියට පෙනී සිටීමටත් ඉන් ජයග‍්‍රහණ අත්පත් කර ගැනීමටත් අවස්ථාව උදා වේ. හවුල් හා ස්වයං ව්‍යාපාරාදියේ බලපා තිබූ ගැටලු සහගත තැන් පහව ගොස් ඒවායේද ස්ථාවරත්වයක් ගොඩනැගේ. දෙස් විදෙස් රැකියාවකට අදාළ ප‍්‍රමාද වු ලිපියක් නැවත ලැබේ.  


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
මෙම මාසය ඔබට ආදර සබඳතා හා විවාහ යෝජනා වැඩි වැඩියෙන් ගෙන එනු ඇත. එසේම මෙහිදී සිදුවන ප්‍රේම සබඳතාවලින් ඉක්මන් විවාහකයට බලපෑම්ද ඇති කෙරේ. එසේම ඔබගේ ප්‍රේම සබඳතා වලට හා විවාහ යෝජනාවලට පැවති බාධා ඉවත්වන අතර ස්ථිර දින නියම වන අන්දමට විවාහ යෝජනා සාර්ථක වනු ඇත. පසුගිය සතිවල පැවති ප‍්‍රශ්නකාරී ස්වභාව මෙම මස තුළ මුළුමනින්ම පහව යනු ඇත. තමා වෙනුවෙන් නිවසේ මංගල උත්සව සුදානම් වේ.  

 

ඔබගේ ලග්නාධිපති හා යෝග කාරක බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසයේ මුල් සති දෙක ඔබට වැඩි වශයෙන් ශුභ ඵල දායක වන්නේය. මෙහිදී අලුත් වැඩකටයුතු රාශියක් ගොඩනැගීමට අවස්ථාව සැලසේ. වැඩකටයුතුවලට පැවැති අවහිර බාධා එමෙන්ම පහව යයි.   


අධ්‍යාපනය  
විද්‍යස්ථානාධිපති පීඩාවකින් තොරව ගමන් කරන නිසා ඉගෙනීම් කටයුතුවලට බාධා අවහිරතා නොයෙදෙන අතර සිය අධ්‍යාපනික කටයුතු සාර්ථක වන්නේය. අධ්‍යාපනයට අදාළ ද්‍රව්‍යමය ලාභ හිමි වේ. උගතුන්ගේ ඇසුර ලැබීමටත්, නව විෂයයන්ට හා පාඨමාලාවන්ට අනුයුක්ත වීමටත් ඉඩ කඩ සැලැසේ. අහිමි වූ නේවාසික පහසුකම් හා අධ්‍යාපනික ආයතනයන් නැවතත් ඔබට ලැබේ.  

 
ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
මෙම මස මුල් දින 15 තුළ අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර පොදුවේ ඔබට විවිධ ආදායම් මාර්ග එළි පෙහෙළි වන මාසයකි. මූල්‍ය හිඟකමින් පසු බැස තිබූ වැඩ කොටස් රැසක් නැවතත් ඇරඹීමට පසුබිම සැකසේ. ඔබ තුළ ක්‍රියාශූරත්වයෙන් මිල මුදල් උපයන අවස්ථා බහුල වන මාසයකි. දේපළ ආදායම් දියුණුවන මං පෑදේ. හදිසි මූල්‍ය ලාභයන්ට ඉඩකඩ සැලසෙයි. ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකි වේ.   


ඔබ රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු දියුණු කර ගැනීමට බෙහෙවින් උත්සාහ ගන්නා මාසයකි. ඔබට හිත මිතුරන් පවුලේ ඥාතීන් මාර්ගයෙන් රැකියා අවස්ථා ගොඩනැගේ. ව්‍යපාරික ප‍්‍රශ්න, රාජකාරී ගැටලු, බදු ප‍්‍රශ්න යනාදිය විසඳේ. අපේක්‍ෂිත ආයතනවලට හා ව්‍යාපාරික ස්ථානවලට සම්බන්ධවීමට අවස්ථාව සැකසේ. අගෝස්තූ 15න් පසු රැකියා ව්‍යාපාරික කටයුතු කෙරෙන් තරමක අවිනිශ්චිතතාව මතුවන දෙයක් වුව ඇති වේ. අමුතුවෙන් ආරම්භ කරන රැකී රක්ෂාවලින් දියුණුව ඇති වේ. 


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
මෙම මස අවසන් සති දෙක තුළ ඔබගේ විවාහ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බාධාකාරී ගති මතු වුවත්, මුල් සති දෙකේදී ගැටලු ප‍්‍රශ්න නිමවී ආදර දිවිය හා යුග දිවිය කෙරෙන් සැපත, සතුට ඇති කෙරේ. එනමුදු නුසුදුසු අය ඇසුරට ලැබෙන බැවින් ඔවුනට නතු නොවන්න. ඔබ තුළ ප්‍රේමාන්විත හැඟීම් වැඩිපුර පහළ වන නිසා පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයටද මෙම මස තූළ ඔබ ලක්වේ.   

 

ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරකයන් බලයෙන් යුක්තව මෙන්ම රාජ යෝගයක් ද උදා කරමින් ගමන් කරන මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. සිතැඟි පරිදි සිය කාර්යයන් ඉටු වන්නේය. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත්කර ගත හැකි වෙයි. තම නම ප‍්‍රචලිත වන කාර්යයන් රැසක් ගොඩනැගේ. උසස් අයගේ ඇසුර වැඩි වේ. ඔබට විවිධ පුද්ගලයන් ඇසුරට අවස්ථාව සැකසෙන අතර ප‍්‍රමාද වු වැඩ කටයුතු රැසක් සිතැගි පරිදි සාර්ථක වේ.  


අධ්‍යාපනය  
විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙන් විවිධ දක්ෂතා පෙන්වීමට මෙම මාසය තුළ අවස්ථාව සැළසේ. ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යන අතර අධ්‍යාපන කටයුතු වලට යහපත්ය. තම පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය දිනවලදී පැවති බාහිර හා අභ්‍යන්තරික දුෂ්කරතා ප‍්‍රශ්න මඟහැරී යයි. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය ආර්ථික හා ද්‍රව්‍යමය අවශ්‍යතාවන්ද ලැබේ.


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ධන අය භාවාධිපතීන් බලයෙන් යුක්තව හැසිරෙන අතර දේපළ ආදායම් තත්ත්වයේ ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමටද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ඉෂ්ට සිද්ධවීම සිදු වේ. උරුම හිමිකම් ප‍්‍රශ්න, බදු ප‍්‍රශ්න යනාදිය විසඳේ. අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් ලාභ ලැබෙන මාසයකි.  


තම රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් පෙන්නුම් කරයි. නිරත රැකියාවේ ඉදිරි ගමනක් ඇති වේ. හවුල් ව්‍යාපාරවල නිරත ඔබට යම්යම් වාසි සැලසේ. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණයන්ට පෙනී සිටීමටත්, ඉන් ජයග‍්‍රහණ හිමිකර ගැනීමටත් ලැබේ. විරැකියාවට පිළියමක් සොයා ගැනීමටත් ඔබට මෙම මස තුළ අවස්ථාව උදා වන්නේය.  


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
ඔබට මෙම මස තුළදී ආදර සබඳතා හා විවාහ යෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ට සිද්ධකර ගැනීමට හැකිවන්නේය. සමාජීය ඇසුර, විවිධ ගමන් බිමන් මුල්කොට විරුද්ධ ලිංගික සබඳකම් ගොඩනැගේ. මේවාට බලපා තිබූ ගැටලු සහගත තැන්, ප‍්‍රශ්නකාරී ස්වභාව පහව යයි. විරුද්ධ ලිංගික ඇසුර වැඩි වශයෙන් ලැබෙන මාසයකි. යුගදිවි ගෙවන්නන් තුළත් පැවති මතබේදකාරී ස්වභාව පහව යන වාතාවරණය ගොඩනැෙඟ්.   

 

වෘශ්්චික ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. සිතුම් පැතුම් සපුරා ගෙන අවහිර බාධක මැඩගෙන කටයුතු කිරීමටත් මතුවන අභියෝග ජය ගැනීමටත් හැකි වන්නේය. ගෙදර දොර කටයුතු පිළිබඳව ප්‍රීතියට කරුණු සැලසේ. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිබඳ ලාභයක් හෝ ලැබෙනවා ඇත. අලංකාර වස්තු ලැබෙන කාලයකි. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලාභ ප‍්‍රයෝජන ලැබෙන්ට පුළුවන. ශරීර සනීපය ඇති වේ. සැප ලැබේ. සමාජයෙහි ප‍්‍රසිද්ධියක් සමාජයට ප්‍රියවීමත් මේ කාලයෙහි ඇතිවෙන විශේෂ ලක්ෂණයකි.  


අධ්‍යාපනය  
අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතිය උදෙසා කටයුතු පිළියෙල වේ. ඔබට මෙම මස තුළදී විවිධ භාෂා ඉගෙනීමටත් වෘත්තීය අධ්‍යාපනවලට සම්බන්ධ වීමටත් අවස්ථාව සැලැසේ. කෙසේ වෙතත් යහළුමිත‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රාදීන් සමග අනවශ්‍ය විනෝදවීම් ක‍්‍රියාවල නිරත නොවුණොත් ඉගෙනීම් කටයුතු සිතැඟි පරිදි කරගෙන යා හැක.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
පොදුවේ ආදායම් වියදම් සමබරව පවත්වාගෙන යාමට හැකි වන්නේය. ආදායම් වැඩි වේ. මුදල් ලාභ ලැබේ. ණය ගනුදෙනු හෝ වෙනත් මූල්‍යමය අපේක්‍ෂා ඉටුකර ගත හැකිය. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. තම මූල්‍ය අවශ්‍යතා පිරිමැසෙන මාසයකි. හදිසි වාසනා ලොතරැයි වැනි දෑ මගින් වුව මිල මුදල් ලාභද හිමි වේ.

  
රැකී රක්‍ෂා වෙළඳ ව්‍යාපාරාදිය සිතැඟි පරිදි කරගෙන යාමට පසුබිම සැකසේ. උත්සාහ ගතහොත් විරැකියාවට පිළියමක් ලබා ගැනීමටත් හැකි වන්නේය. ස්වයං ව්‍යාපාර හවුල් ආයොජනයන්ද සැකසෙනු ඇත. රාජකාරියද ක‍්‍රමවත් භාවයට පත්වේ. අලාභ ගෙනදුන් ව්‍යාපාරය ලාභ ලබන තත්ත්වයට පත්වේ. එසේම මෙය සේවා ස්ථිරවීම් සිදුවන මාසයක්ද වේ

.  
ප්‍රේම  දිවිය හා යුග දිවිය 
ආදර සබඳතා හා විවාහ කටයුතු සිතැඟි පරිදි සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසේ. අවිනිශ්චිතව පැවති ආදර සබඳතාවක් හෝ විවාහ පොරොන්දු ගිවිසුමක් හෝ ස්ථිර තහවුරු කර ගැනීමට පසුබිම සැකසේ. එසේම ආදර සබඳතා වලට හා විවාහ දිවියට අදාළව කරන වැඩකටයුතු සඵල වේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ‍්‍රය ඇති වේ. ආදර බන්ධන වැඩිදියුණු වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද ස්ත්‍රීන්ට පුරුෂයන් සමඟද හොඳ හිතවත්කම් පවත්වන්ට ඉඩ ලැබේ. විරුද්ධ ලිංගික සබඳතා වැඩි වශයෙන් ගොඩනගා ගැනීමටත් අවස්ථාව සැකසෙන මාසයකි. 

 

ධනු ලග්නය හිමි ඔබට අභියෝග මැඬගෙන තම අරමුණු සැලසුම් සිතැඟි පරිදි සාර්ථක කරගැනීමට සිදුවන්නේ මෙම මස අවසන් සති දෙකේදී හැකිවනු ඇත. ඔබගේ අතපසු වූ කාර්යය කටයුතු රැසක් එහි දී සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. එම කාල පරිච්ෙ‏ජ්දය තූළ වැඩි වශයෙන් සැපත සතුට ගොඩනැගෙන්නේය. මුල් සති දෙක බාධක අවහිර ඇති කරයි.  


අධ්‍යාපනය  
අවසන් සති දෙකේදී තම අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්ව බලා සතුටු විය හැකි අතර, උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමු වෙයි. නේවාසික පහසුකම් සැලැසී, වෘත්තීය අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතියක් හා විවිධ විෂය ධාරා ද ඉගෙන ගැනීමටත් එහිදී අවස්ථාව සැලසේ. සම්මුඛ පරීක්‍ෂණ, තරග විභාගවලින්ද ජය ලැබී ශිෂ්‍යත්ව ලාභාදියකට පරිසරය සැකසේ. මුල් සති දෙක ඉගෙනීම් කටයුතූ කෙරෙන් බාධක අවහිර යෙදේ.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ආර්ථික කටයුතු කෙරෙන් මෙම මස තුළ යහපත් ප‍්‍රවණතාවක් ඇතිකොට උපයන මුදලින් ප‍්‍රයෝජනවත් වැඩ කොටසක්ද කර ගනී. පොදුවේ ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලින් ලාභ ලැබේ. වැඩි මහන්සියකින් තොරව මුදල් උපයා ගැනීමටත් හැකියාව ලැබෙන්නේය. මෙය ආදායම්වල ප‍්‍රමාණවත් ප‍්‍රගතියක් ඇතිවන මාසයකි.  


තම රැකී රක්‍ෂා ව්‍යාපාරාදිය සිතැඟි පරිදි කරගෙන යාමට හැකි වන්නේය. උත්සාහයේ පමණට නව රැකියා අවස්ථාවක් ඉටු කරගත හැකි වේ. එසේම විදෙස් රැකියාවකට බලපෑ බාධා පහව යයි. කරගෙන එන රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක් ක‍්‍රමක‍්‍රමයෙන් සිදුවන්නේය. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියට පෙනී සිටීමටත් අවස්ථාව සැලසෙනු ඇත. සිතට සෑහීමට පත්විය හැකි දේ රැසක් රැකියා ව්‍යාපාරිකමය වශයෙන් සිදු වේ. රැකියා හා ව්‍යාපාර ලාභ ප‍්‍ර‍්‍රයෝජනද මේ අතරට ලැබෙනවා ඇත.  


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
මෙම මස තූළ විවාහ යෝජනා හා පේ‍්‍රම සබඳතා සාර්ථක වීම සිදුවන්නේය. තමා වෙනුවෙන් ගෙදර ප‍්‍රීති උත්සවයක්, ප‍්‍රියසම්භාෂණයක් පිළියෙල වෙයි. කල්යල් ඇද ඇද පැවැති ප්‍රේම සබඳතාවක් මෙන්ම විවාහ යෝජනාවක් සාර්ථක වී සිතට සැනසුම, සතුට ගෙන දෙන තත්ත්වයක් පිළියෙල වේ. එහෙත් නුසුදුසු සබඳතා ඇති නොකර ගැනීමට සැලකිලිමත් වන්න. මෙම මාසය තුළ පොදුවේ. ප්‍රේම දිවියට බාධා ඇති නොකෙරේ. වරෙක ස්ත්‍රීන් නිසා නින්දාවක් හෝ අනතුරක් හෝ සිදු වේ. ස්ත්‍රීන් සමග අවුල්ද පැන නගී. විශේෂයෙන් ස්වාමි පුරුෂයාගෙන් හෝ භාර්යාවගෙන් ලාභ ප‍්‍රයෝජන ලැබෙනු ඇත. මුල් සති දෙක ආදර බන්ධන පිළිබඳ බලාපොරොත්තු කඩවීමක්ද නියමයි.  

 

ඔබේ යෝගකාරකයන් ශූභාශුභ මිශ‍්‍ර බලයෙන් යුක්ත වුවත් ලග්නාධිපති ශනි ශුභ යෝග බලයෙන් නිසා ඔබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු උනන්දු වේ. ප‍්‍රමාණයට සාර්ථක කරගත හැකි වන්නේය. බාධක කරදර මැඩගෙන අරමුණු ඉටුකර ගැනීමටත් හැකි වෙයි. බොහෝ විට මෙය යම්යම් අයගේ සහයෝගය තම වැඩ කටයුතුවලට වැඩිපුර ලැබෙන මාසයකි.  

 

අධ්‍යාපනය   
ඔබට අගෝස්තූ මැද භාගය වන තෙක් සිය ඉගෙනීම් කටයුතු කරගෙන යාමට සිදුවන්නේ විවිධ අවහිර බාධා මධ්‍යයේය. මැද භාගයෙන් පසු ඉගෙනීම් කටයුතු සිතේ ධෛර්යයෙන් කරගෙන යාමටත් හැකි වේ. පොත පතට සිත යෙදේ.   


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ධනස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සහය නිසි ලෙස ලැබේ. එසේම ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට ඔබ යම්යම් ක්‍රියාදාමයන්හි නිරතවන සැටියක්ද ගොඩනැගේ. ආයෝජනයකට අවශ්‍ය වූ මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගැනේ. ණය මුදලකින් නිදහස් වීමටත් අවස්ථාව සැලැසේ.   


මෙම මාසයේ ඔබගේ රැකියා, ව්‍යාපාරික කටයුතුවලට අදාළ කාර්යවල කැපී පෙනෙන වෙනස්කම් රාශියක් අනාගත ශුභ සිද්ධිය උදෙසා සැකසෙනු ඇත. ස්වයං රැකියා ව්‍යාපාරයන්හි නිරත වන මකර ලග්න හිමියන්ට ඒ කෙරෙන් තෘප්තිමත් විය හැකි විශේෂිත වැඩ කොටසක්ද පිළියෙල වේ. උනන්දුවෙන් කැපවීමෙන් රාජකාරියේ නිරත වන නිසා ප‍්‍රධානීන්ගේ පැසසුමට ලක්වන්නේය. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුවන මාසයකි. අවසන් දින දහය ආර්ථික රැකියා මෙන්ම දිවියේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතූ කෙරෙන් අවහිර බාධක මතූකරයි.  


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
මංගල භාවාධිපති හා විවාහ කාරක සිකුරු ශූභාශුභ බලයෙනි. මෙය ඔබේ ප්‍රේම දිවියේ හා යුග දිවියේ කටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ගොඩනැගීමටද හේතුවේ. මුල් දින 15 තුළ නොසොයා නොබලා කටයුතු කරන්නට යෑම නිසා විරුද්ධ ලිංගිකයා සමග මත භේද ප‍්‍රශ්න ඇති වීමට හේතු වේ. හැඟීම්වලට වහල් නොවන්න. අවසන් දින 15 ප‍්‍රශ්න ගැටලු තරමක්දුරට පහවයයි.   


ලග්නාධිපති ශනි හා යෝගකාරක සිකුරු ශුභාශුභ මිශ‍්‍ර අයුරින් හැසිරෙන මෙම මාසය තුළ ඔබට බලාපොරොත්තු වූ දෑ සිදු නොවී බලාපොරොත්තු නොවූ, අපේක්‍ෂා නොකළ දේ මගින් යහපතට කටයුතු පිළියෙල වන්නේය. කෙසේ වෙතත් අයහපත් මාසයක් නොවේ. දැඩි කැපවීමෙන් කටයුතු කරගත යුතු මාසයකි.   

 

අධ්‍යාපනය  
ඔබගේ අවබෝධ ඥානය, කුසලතාව මැනැවින් කැපී පෙනෙන මාසයක් බැවින්, අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපනික කටයුතු ගතවූ මාසයට වඩා වැඩි උනන්දුවකින් කරගෙන යාමට හැකි බැවින් අධ්‍යාපනික වශයෙන් බලාපොරාත්තු වූ ප‍්‍රතිඵල කෙසේ හෝ ලබාගත හැකි වන්නේය.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
මුල් සති දෙක ජීවනෝපාය මාර්ගයට මෙන්ම මූල්‍ය ක්​ෙෂ්ත‍්‍රයේ කාර්යවලට විවිධ බාධක ගැටලු පැන නැගුණත් අවසන් සති දෙකේදී නව ආදායම් මාර්ග ගොඩනැඟී ආර්ථිකයේ ප‍්‍රගතියක් මෙම මාසයේදී සිදුවන්නේය. බලපෑ ආර්ථික ගැටලූ බොහොමයකින් නිදහස්වීමට හැකිවනු ඇත. උරුම හිමිකම් ප‍්‍රශ්න නිරාකරණය වී මිට අදාළ යම්යම් ලාභ ප‍්‍රයෝජනයන්ද සැලසෙන්නේය. තැන්පත් ධනයට යමක් එකතු වේ.  


රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ද යහපත් වාතාවරණයක් ගොඩනැගේ. විශේෂයෙන් රැකී රක්‍ෂා ව්‍යාපාර කටයුතුවල නව වෙනසක් සිදුවන මාසයක්ද වන්නේය. උසස්වීම්වලට පසුබිම සැකසෙන අතර, විදෙස් රැකියා අපේක්‍ෂාවක් ද ඉටු වී සිතෙහි සහනයෙන් සතුටින් රාජකාරියේ නිරත වීමට හැකි වේ.   


ප්‍රේම  දිවිය හා යුග දිවිය  
විවාහ යෝජනා, ප්‍රේම සබඳතා බලවත් ලෙසින් පෙන්නුම් කරන මාසයක් වුවද ඒවා ස්ථිර තහවුරු වන අන්දමේ බැඳීම් සිදු නොවේ. පවතින ආදර සබඳතා හා යුග දිවියේ කාර්යය කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට තම විරුද්ධ ලිංගිකයා සමග අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. පොදුවේ ආදර සබඳතා හා යුග දිවිය කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර බලයක් ගොඩනැගේ. විටෙක මීට අදාළ කටයුතු කෙරෙන් යම්යම් ප‍්‍රශ්නකාරි දෑද සිදු වෙයි.   

 

මීන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු බලවත් වුවද යෝග කාරකයන් ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් හැසිරෙන නිසා මෙය ඔබට ශුභාශුභ මිශ‍්‍රඵල සහිත වන්නේය. විපරීත රාජ යෝගයක් පවතින බැවින් බලාපොරොත්තු නොවූ මාර්ගවලින් යම් යම් වාසි ප‍්‍රයෝජන සැලසේ. විටෙක අපේක්ෂිත දේ වෙනස් වී අපේක්‍ෂා නොකළ මාර්ගවලින් දියුණුවට කටයුතු පිළියෙල වේ.  


අධ්‍යාපනය  
මෙම මස මුල් දින 15 තුළදී ඔබගේ අධ්‍යාපන කටයුතු කෙරෙන් අයහපත් නොවේ. මෙහිදී ඔබට පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු කෙරෙන් කිසියම් ජයග‍්‍රහණයක්ද සැකසේ. කෙසේ නමුත් අවසන් දින 10යේදී සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිර හා බාධා මධ්‍යයේය.  


ආර්ථික හා රැකියාවේ තත්ත්වය  
ඔබ මෙම මස තුළ තම ආර්ථික සැලසුම් සාක්ෂාත් කරගැනීමට බෙහෙවින් ඇප කැප වී කටයුතු කරන්න. අතට මුදල් ලැබෙන විටම එය වියදම් කිරීමටත් කරුණු යෙදේ. පොදුවේ ඔබ මෙම මාසයේ යම්යම් අය සමග කරන ගනු දෙනුවලදී වඩාත් කල්පනාකාරී වන්න. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී විවිධ ප‍්‍රශ්නවලට ලක්වන ස්වභාවයක් පෙන්නුම් කරයි.

 
ඔබගේ රැකීරක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරා දී කටයුතුවල කාර්යක්‍ෂ්මතාව සිදුවන මාසයක් වුවත්, රැකියා අවස්ථා ඉටුවීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කළත්, දෙවරක් තෙවරක් සිතා බලා ආයෝජනවල යෙදෙන්න. යම්යම් අයට විදෙස් රැකියා සඳහා විශ්වාස තබා මුදල් දීම උචිත නොවේ.  
ප්‍රේම  දිවිය හා යුග දිවිය 
විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ ප්‍රේම දිවියට හා යුග දිවියට මෙන්ම විවාහ යෝජනා දිවියට එල්ල වූ විවිධ අවහිර බාධා පහව ගියද සිතේ සහනය සතුට ඇති නොවේ. කෙසේ වෙතත් ඔබගේ හැසිරීම් රටාව විරුද්ධ පාර්ශ්වයේ පැසසුමට හේතුවන අයුරින් පවත්වන්නට උත්සහ කරන්නේ නම් විවාහ හා ප්‍රේම දිවිය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වේ.

 

 

 

බෙන්තොට - හේමන්ත වීරසිංහ

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

අ​ෙගා්ස්තු මස ග්‍රහ ගමන ඔබට කරන බලපෑම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 223 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16158 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site