IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමනාප වූ පෙම්වතිය වශී කරගන්න වැඩකරන තැනින් හොරකම් කරලා

වසර දෙකක විතර කාලයක් තිස්සේ මුළු හදවතින්ම පෙම්කළ තරුණිය අමනාපවීම නිසා ඇය යළි යහළුකර ගැනීමට ඉන්දියාවට ගොස් වශී ගුරුකම් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ලක්ෂ 4 1/2ක් සොරාගත් බව කියන තරුණයකු පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කොටුකරග්තතේ මඩකළපුව එරාවුර් ප්‍රදේශයේ සැඟව සිටියදීය. 

සැකකරු මෙම මුදල් සොරාගෙන ගොස් තිබුණේ ඔහු රැකියාව කළ පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකිනි.


ධනවත් උගත් හා වැදගත් පවුල් පසුබිමක් ඇති පවුලක උසස් අධ්‍යාපනය ලබා ඇති තරුණියක හා පෙමින් වෙළී සිට ඇතත් තරුණයාගේ පවුල දුප්පත් නිසා තැරණියගේ පවුලේ අය මේ ප්‍රේම සම්බන්ධයට එකහෙළාම විරුද්ධ වී ඇත. 


මව්පියන්ගෙන් එල්ලවන දැඩි බලපෑම් හමුවේ තරුණියද අවසනායේ අහක බලාගත් නිසා තරුණයා පසුවී ඇතැයි කියන්නේ දැඩි කළකිරීමකින් හා සිත් වේදනාවකිනි.


ඉන්දියාවේ සිටින මලයාලම්කාරයෙක් ළඟට ගොස් වශී ගුරුකමක් කරගත්තොත් යළිත් පෙම්වතිය යහළුකරගත හැකි  බවට තරුණයාගේ ඔලුවට අදහස දමා ඇත්තේ ගෙයින් ගෙට ගොස් සාස්තර කීමේ නිරතව සිටින අයෙකි.


මේ සඳහා ලක්‍ෂය හතරකට වැඩි ගණනක් යන බව සාස්තරකාරයා පවසා ඇත. 


මේ සාස්තර කියන පුද්ගලයාද සංචාරක වීසා මත මෙරටට පැමිණ සාස්තර කීමේ නිරතවන අයෙක් බව පොලිසිය දැන ගත්තේද සැකකාර තරුණයාගෙන්මය. 


ගෙයින් ගෙට ගොස් සාස්තර කීමේ නිරතව සිටි ඉන්දීය ජාතිකයාට තරුණයා පත්ව ඇති තත්ත්වය ගැන කීමෙන් පසු ඔහු මේ බව තරුණයා සමග කියා ඇත. 


“අපේ අම්මලා, තාත්තලා මේ සම්බන්ධෙට කොහෙත්ම කැමති නැහැ. ‘කපලා ගඟේ, මුහුදේ දැම්මත්’ උඹට ඌව දෙන්නේ නැහැ’ කියා කියනවා. මට හරියට කරදර කරනවා මේ සම්බන්ධය නතරකර දාන්න කියා. ඔයා රස්සාවක් කරන්නේ නැහැනේ. කොළඹට ගිහින් හොඳ රස්සාවක් හොයා ගන්න. එතකොට අපේ අම්මයි, තාත්තයි කැමති වෙයි.” කියා දවසක් තරුණිය සිය පෙම්වතා සමඟ පැවසුවාය. 


ගෙවීමේ පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයකින් කුලී ගමන් ගොස් ජීවිකාව ගෙන ගිය තරුණයා පෙම්වතියගේ කීමට අනුව කොළඹට පැමිණ ඇත්තේ මොකක් හෝ රස්සාවක් සොයා ගැනීමටය. 


ඒ මීට වසර 1 1/2කට පමණ කළින්ය. පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ ආයතනයක ඔහු සුළු සේවකයෙක් වශයෙන් රැකියාවක් කිරීමට පටන්ගත්තේය. 


එරාවුර් ප්‍රදේශයේ සිටින පෙම්වතියට ඔහු කිව්වේ තමා වෙළෙඳ ආයතනක හොඳ රස්සාවක් කරනවා යැයි කියාය. වැඩ කරන ආයතනයේ සිට ඔහු සිය පෙම්වතියටද දුරකථනයෙන් කතා කිරීමට අමතක කර නැත. එහෙත් කාලය කෙමෙන් ගෙවී යද්දී පෙම්වතිය ඔහුත් සමග කතා කිරීම මගහැර ගොස් ඇත. 


දුරකථන ඇමතුමක් ලබාගන්නා සෑම අවස්ථාවකම එයට පිළිතුරුදීම ඇය මගහැර ඇත්තේ ලැබුණන්‍ු ඇමතුම විසන්ධිකර දැමීමෙනි. 
මෙය තරුණයාගේ හිත රිදුම් කවන සිද්ධියක් වී ඇත. 


සිය පෙම්වතිය සොයාගෙන ඔහු එරාවුර් බලා ගොස් ඇත්තේ බැරිම තැනය. 


කොච්චර උත්සාහ කළත් ඔහුට සිය පෙම්වතිය හමුවී කතා බහ කිරීමට අවස්ථාවක් නොලැබුණේ වෙන කිසිවක් නිසා නොව ඇය මගහැර සිටීම නිසාය. 


ඉන්දියාවේ සිට පැමිණ ගෙයින් ගෙට ගොස් සාස්තර කීමේ නිරතව සිටින පුද්ගලයා තරුණයාට හමුවී ඇත්තේ පෙම්වතිය හමුවීමේ අපේක්‍ෂාවෙන් ගමට ගොස් සිටි අතරවාරයේය. 


පෙම්වතිය හමු නොවීමේ කණගාටුවද වේදනාවද හිතේ දරාගෙන ඔහු වැඩකරන තැනට ආවේ පෙම්වතිය යළි යහළුකර ගැනීමට ඉන්දියාවට ගොස් වශී ගුරුකමක් කර ගැනීමට ලක්‍ෂ හතරකට වැඩි ගණනක් සොයාගන්නේ කෙසේද යන්න ගැන කල්පනා කරමින්ය.


පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ ආයතනයක අයිතිකරු පිටකොටුව පොලිසියට පැමිණ තිබුණේ පැමිණිල්ලක් කිරීමටය. 


තමන් පිටකොටුව ප්‍රදේශයේ විදුලි උපකරණ වෙළෙඳසලක් පවත්වාගෙන යන බවත් එහි සේවය කරන තරුණයෙක් රුපියල් 4,23,000 ක අගයකින් යුතු චෙක්පතක් මුදල් බවට පත්කිරීම සඳහා  බැංකුවට පිටත්කර හැරියත් ආපසු ආවේ නොමැති බවත් කියමින් ඔහු පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබීය. 


පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එරාවුර් චෙංකලාඩි ගම්මානයට ගොස් පිටකොටුව වෙළෙඳසැලේ සේවය කරමින් සිටියදී චෙක්පතක් සමග අතුරුදන්ව සිටි තරුණයා සොයා ඔහු අත්අඩංගුවට ගත්තේ නිවසේ සිටියදීය. 


“මම චෙක්පත අරගෙන ඒ චෙක් එකේ සල්ලි අරගෙන කොළඹ ඉඳලා එරාවුර්වලට එද්දී බස් එකේදී කවුදෝ හොරකම් කරලා.” 
සැකකාර තරුණයා පුන පුනා කිව්වේ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය. 


ඒත් තරුණයා කියන මේ කතාව පිළිගැනීමට පොලිසිය සූදානම් වූයේ නැත.


පොලිසිය දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඇත්ත වමාරන්නට සිදුවිය. 


සැකකාර තරුණයා පදිංචිව සිටි ප්‍රදේශයේ කැලෑවක චෙක් එක මාරකර ලබාගත් මුදල් ලක්‍ෂ 4ක් පොලිතින් උරයක බහා වළදමා තිබියදී පොලිසිය ගොඩගත්තේ සැකකරුගේ මග පෙන්වීම යටතේ ගොස්ය. 


සර්, මම අවුරුදු 1 1/2 ක විතර ඉඳලා පිටකොටුව කඩයේ වැඩ කරන්නේ ලක්‍ෂ 20 - 30 චෙක් බැංකුවට ගිහින් මාරුකරලා මුදලාලිට ගෙනත් දීලා තියනවා. සත පහක් වංචා කරලා නැහැ. මම කියන්නේ බොරුනම් මුදලාලි මහත්තයාගෙන් අහලා බලන්න. මම මේ විදිහේ දෙයක් කළේ මගේ පෙම්වතිය අමනාප වූ නිසා ඇය ආයෙත් යහළු කරගන්න ඉන්දියාවට ගිහින් වශී ගුරුකමක් කරගන්න ඕනෑ කරන සල්ලි හොයා ගන්නයි. ඉන්දියාවේ ඉඳලා සාස්තර කියන්න ගමට ඇවිත් හිටිය කෙනෙක් තමයි කිව්වේ ඉන්දියාවට එක්කගෙන ගිහින් වශී ගුරුකමක් කරලා දෙන්නම් කියා. එතකොට ආයෙත් කෙල්ලව යහළු කරගන්න පුළුවන් කියා. ලක්‍ෂ හතරකට වඩා මුදලක් වශී ගුරුකම් කරගන්න යයි ඔහු කිව්වා. 


සැකකරු පොලිසියට කීය. 


වෙළෙඳ ආයතනයෙන් මාරුකර ගෙන ඒමට කියා දුන් චෙක්පත බැංකුවට ගොස් මාරුකර පසුව එම මුදල විදේශීය මුදල් හුවමාරුකරන ස්ථානයකට රැගෙන ගොස් ඇමෙරිකන් ඩොලර් නෝට්ටුවලට මාරුකරගෙන ගමට පැමිණ අවශ්‍ය වූ විට ගොඩගැනීමට වළදමා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය විය. 


සොරාගත් මුදලින් රුපියල් 23,000 ක් පමණ සැකකරුට අයත් ගෙවීමේ ක්‍රමයට ලබාගත් ත්‍රීරෝදරථයට එතෙක් ගෙවා නොතිබූ මාසික වාරික වශයෙන් ගෙවා ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. 


“මේ සේරම දේවල් වුණේ අපේ දුප්පත්කම නිසයි. අපිත් යමක් කමක් තියන පවුලක ඉපදුණා නම් කෙල්ලගේ දෙමාපියන් කැමති වෙනවා. දුප්පත්කම නිසා අවුරුදු දෙකක් තිස්සේ යහළු වෙලා හිටිය කෙල්ලත් අහක බලා ගත්තා. අන්තිමේදී මගේ ජීවිතෙත් අඳුරේ වැටුණා” සැකකාර තරුණයා හැඬුම්බරව පොලිසියේ නිලධාරීන් සමග පවසා ඇතැයි කියන්නේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යාමට සූදානම්වූ මොහොතේය. 


ඒ අවස්ථාවේ තරුණයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට ගලා ගියේ පෙම්වතිය අහිමිවීමේ වේදනාවෙන්ද එසේ නැත්නම් පොලිස් අත්අඩංගුවට පත්වී රිමාන්ඞ් බන්ධනාගාර ගතවීමට සිදුවෙතැයි කියන වේදනාව නිසාද කියා කීමට දන්නේ ඔහු පමණකි. 


ඔය තරුණයා අපි ළඟ වැඩට ආපු දවසේ ඉඳලා හොඳට වැඩ කළා. අපි ළඟ ඉන්න විශ්වාසවන්තම සේවකයෙක්. ලක්‍ෂ 25-30 චෙක් පවා මාරු කරන්න බැංකුවට මීට කලින් ඕනෑතරම් අරගෙන ගිහින් තියනවා. සත පහක්වක් අඩු නැතිව ආපහු ගෙනත් දීලා තියෙනවා යැයි වෙළඳසැලේ අයිතිකරු පොලිස් නිලධාරීන්ට කියා ඇත්තේ හොරකමක් කළත් ඔහුට චරිත සහතිකයක්ද ලබාදෙමින්ය.


වශී ගුරුකම්කර අහිමිවූ දේවල් ලබාගැනීමට නොහැකිය. එය පට්ටපල් බොරුවකි. මේවාගේ බොරුකාරයන්ට වංචාකාරයින්ට රැවටෙන්න එපා. මේ තරුණයා අමාරුවේ වැටුණේ සාත්තරකාරයෙක් කී දෙයක් විශ්වාස කිරීමට යාම නිසාය. 


අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළේය.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක ජයසේන, පොලිස් කොස්තාපල්වරුන් වන ජනක (4732), රංජිත් (40746), නාරම්පනාව (66861) සහ මංජුල (23788) යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

අමනාප වූ පෙම්වතිය වශී කරගන්න වැඩකරන තැනින් හොරකම් කරලා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 219 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16155 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3941 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site