IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සැක කටයුතු තැන්

රටේ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාව පුරාම ආරක්ෂාව තර කර තිබේ.

මේ හේතුවෙන් පැය 24 පුරාම ආරක්ෂක අංශ මැදිහත්වී සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර  අද උදෑසන කළ මෙහෙයුම් වලදී  සැකකටයුතු පාර්සල්,  යතුරු පැදි, ගමන් මලු  වැනි දෑ හමු වී ඇති අතර අයිතිකරුවන් නොමැති ඒවා  පුපුරැවා හැරීමටත් සෙසු ඒවා අයිතිකරුවන්ට බාරදීමටත් ආරක්ෂක අංශ කටයුතු කර තිබිණි. 

දිවයින පුරා වාර්තා වූ එවැනි සිදුවීම් කිහිපයක් පහත දැක්වේ.


(2019 අප්‍රේල් 25 වැනිදා සිදුවීම් )


 

 

දහවල් 12.40

(සනත් ගමගේ)                                               

හම්බන්තොට මහ රෝහලේ බෝම්බ පාර්සලයක් ඇති බවට ඇති වූ බියක් හේතුවෙන් රෝහල් පරිශ්‍රය දැඩි පරීක්ෂාවට ලක් කිරිම සිදු කෙරිණි.

බෝම්බ පාර්සලයක් රෝහල් පරිශ්‍රයේ නොතිබූ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කීය.

අද (25) උදේ සායන පැවැත්වෙන අවස්ථාවේ දී අයිතිකරුවෙක් නැති පාර්සලයක් ඇති බවට ජනතාව බියට පත් විය. 


උදෑසන 11.40

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහල ඉදිරිපිටද මේ වන විට   පාරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින බව පොලීසිය කියයි.


දෑසන 11.20

බදුල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ බෑගයක් අතැතිව සිටි කාන්තාවක දැක රෝගීන් 3000 ක් පමණ දෙනා බියට පත්ව අද (25) උදෑසන 10ට පමණ දිව ගිය බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

රෝහලින් පිටතට දිව ගිය රෝගින් අත තිබු ගමන් මලු තැන් තැන්වල දමා තිබීම දැක නගරයේ ජනතාව ද බියට පත්ව සිටින බව පොලීසිය කියයි.

(ප්‍රසන්න පත්මසිරි ඡායාරූප  හා කතාව)



උදෑසන 11.10
කටුනායක ගුවන්තොටුපොළ  රථගාලේ  තිබු සැකකටයුතු  මෝටර් රියක්  හේතුවෙන්  ගුවන්තොටුපොළට පිවිසිමේ මර්ගය වසා දමා තිබේ.
 මේ වන විට අවට ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රදේශයේ  දැඩි පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී.


උදෑසන 10.00
හලාවත නගරයේ පිපුරුමක් සිදුවන බවට ලද තොතුරකට අනුව  හලාවත ප‍්‍රධාන බස්නැවතුම් පොළ මාලූ සහ එළවලූ වෙළදසැල ඇතුළු  ඇතුළු ස්ථාන කිහිපයක් සෝදිසියට ලක් කර ජනතාව ඉවත් කිරීමේ කටයුතුද සිදු කෙරිණි.


උදෑසන 9.36
සැකකටයුතු ලෙස බදුල්ල දුම්රියපොළ වීඩීයෝ ගත කරමින් සිටි  තරුණයින් දෙදෙනකු ද  පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 


(2019 අප්‍රේල් 24 වැනිදා සිදුවීම්) 


 

 සවස - 04.55                                                                           

කටාන පොලිස් බල ප‍්‍රදේශයට අයත් තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ පිහිටි කුඩා ආපනශාලාවක  බෑගයක් තුළ බෝම්බයක් ඇතිබවට සැකකර ගුවන් හමුදා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය බෝම්බයක් නොවන බවට තහවුරුවූ බව කටාන පොලීසිය කියයි.
 
මෙම සිද්ධියට සම්බන්ධ සීසීටීවී දර්ශනද උපයෝගි කර ගනිමින් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ප‍්‍රදේශයේ කරනු ලැබූ මෙහෙයුමකින් බෑගයේ අයිතිකරු පැයක පමණ කාලයක් තුල සොයාගැනීමට හැකිවූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.
 
මෙය එම ප‍්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි විදුලි කාර්මිකයෙකුට අයත් බෑගයක් බවත් එහි වයර් අඩු මිටි ඇතුළු උපකරණ තිබී ඇති බවත් සඳහන්වේ.
                                                                             
ඔහු ආපනශාලාව තුළට පැමිණ උදෑස ආහාර ගැනීමෙන් පසු බෑගය අමතක වී යතුරුපදියේ නැගී පිටව ගොස් ඇති අතර අසළ මේසයේ සිටි අඹුසැමි යුවලක් බෑගය දැක බියට පත්ව ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.
 
කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවරත්න මහතාගේ උපදෙස් මතවැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

(හේමලතා ඩී හේවගේ)        

(ඡායාරූප - චන්දන ප්‍රනාන්දු)

 


සවස - 4.40
කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ  නිවසක් ඉදිරිපිට තිබු සැක කටයුතු පාර්සලයක්  පරීක්ෂා කළ  පොලිස් විශේෂ කාර්ය බළකාය එය පුපුරුවා හැර තිබේ.‍

එහි පුපුරණ ද්‍රව්‍ය කිසිත් හමු නොවී ඇති අතර පාර්සලයේ තිබී ඇඳුම් කිහිපයක් හමු වී ඇතැයි විශේෂ කාර්ය බලකාය කියයි.

(ඉන්දිකා රාමනායක)

(ඡායාරූප - ගයාන් ලසන්ත)



දහවල් 2.27
පිටකොටුව ගෑස්  පහ හන්දියේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් අද(24) පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කළ බව  පිටකොටුව පොලිසිය කියයි.

යතුරුපැදියේ අයිතිකරු හඳුනාගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලිසිය පවසයි.
මෙහි පුපුරණ ද්‍රව්‍ය තිබී නැතැයි පැවසේ.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


දහවල් 2.07

කොළඹ කොටුව  පොලිස් මූලස්ථානය අසල  නවතා  තිබූ   සැක කටයුතු  යතුරු පැදියක්  ආරක්ෂක  අංශය   විසින් පරීක්ෂා කර ඇත.  
යතුරු පැදියේ   තිබී  කිසිදු   පුපුරණ ද්‍රව්‍යක්  හමුවී  නැත.
 
(ඡායාරූප   චතුර එස්. කොඩිකාර) 


ඊයේ (23) දිනයේ කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ තිබී අයිතිකරුවන් නොවූ ඇඳුම් සහිත බෑගයක් පොලීසියට හමුවී ඇත.

මේවා ජනතාව සහ පොලීසිය හා ආරක්ෂක අංශයන් නොමඟ යැවීම සඳහා සිදු කරන්නක් විය හැකි බවට සැක කරන බවද කුරුණෑගල කොටිඨාශය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.


දහවල් - 12.04
 
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ලක්දාස් ද මැල් විදුහල අසළ දමා ගොස් තිබූ සැකකටයුතු ගමන් මල්ලක් හේතුවෙන් කලබලකාරී වාතාවරණයක් අද (24 ) කුරුණෑගල නගරය තුළ ඇතිවිය. 
 
පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් පිරිසක් පැමිණ කළ පරීක්ෂාවේදී එය කාන්තා සහ පිරිමි ඇඳුම් දමා තිබූ බෑගයක් වන බව අනාවරණය විය. 
 
මේ හේතුවෙන් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා ඇති විය.

(පුෂ්පකුමාර ජයරත්න )



උදෑසන 11.52

කුරුණෑගල ගලේබණ්ඩාර දේවාලය අසළ නවතා තිබූ අයිතිකරුවන් නොසිටි සැකකටයුතු කුඩා ප්‍රමාණයේ ලොරියක් පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ලදී. 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර කර ලොරිය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන්ට සිදුවිය.
 
එම ලොරියේ ඇතුළත යතුරු සහ ජංගම දුරකථනයක්ද විය. පරීක්ෂාව අවසන් වනවිට එහි අයිතිකරු පැමිණි අතර කුරුණෑගල අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ලොරිය එම ස්ථානයේ දමා ගිය බව ඔහු පැවසීය.
 
ඔහුට දැඩි ලෙස අවවාද කළ කුරුණෑගල කොටිඨාශය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා මෙම ලොරියේ හිමිකාරිත්වය පිළිබඳව සැකයක් මතුවී ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතාට නියම කළේය. ලොරියේ  හිමිකරු මැල්සිරිපුර පන්ලියද්දේ පදිංචි අයෙකි. 

(පුෂ්පකුමාර ජයරත්න)

 


උදෑසන 10.47
 වැල්ලවත්ත ප්‍රදේශයේ සැවෝයි සිනමාශාලාව සමීපයේ නවතා තිබූ සැක කටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුපුරවා හරින ලදී.
 එහෙත් යතුරුපැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නැත.

 



අදහස් (5)

සැක කටයුතු තැන්

ASANKA Wednesday, 24 April 2019 01:14 PM

මොන මෝඩ වැඩක්ද මේ? ආරක්ෂක අංශවල මහන්සිය අපතේ යවන්නේ? වාහනය වගකීමකින් නවත්වන්න බැරිද නියමිත තැනක. මේ වගේ වෙලාවක බෑග් එක අමතක කරලා යනවද?

:       1       68

theshan Wednesday, 24 April 2019 01:19 PM

මීට වඩා සලකිලිමත් වෙන්න. නැත්නම් අහිංසකයකුගේ වාහනයක් නැත්නම් බඩු මල්ලක් විනාශ වෙනවනේ.. අනිත් එක දැන් තිබෙන වාතාවරණය නිසා වාහනයක් නැවත යද්දී අයිතිකරුගේ නම සහ දුරකථන අංකය සිතා කොළ කැබැල්ලක් තියලා යන්න. අනිත් එක බෑග් සහ පාර්සල් අමතක වෙලා දාලා යන්න එපා.

:       2       92

isurandi Thursday, 25 April 2019 05:26 AM

මේවට රටේ පුරවැසියෝ හැටියට අපෙත් වගකීමක් තියෙනවා ආරක්ෂක අංශ වලට සහයෝගය දැක්වීමට .මෙවැනි වාතාවරණයක් තිබෙද්දිත් අපේ මිනිස්සු මේවා තඹ දොයිතුවලට මායිම් නොකරන එකනේ ලොකුම ප්‍රශ්නේ

:       0       102

DR Thursday, 25 April 2019 07:12 AM

දැන් මේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට මානසිකව පිස්සු වට්ටනේ නැතිව මොලයක් තියෙන මනුස්සයන්ගෙන් අහල සැලසුමක් ඇතිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. වැඩට එන්න කියන්න කලින් මිනිස්සුන්ගේ ඔලුව නිරවුල් කරලා ඉන්න. ලොකු මානසික පීඩනයකින් හැමෝම ඉන්නේ.

:       0       79

Silva Thursday, 25 April 2019 08:11 AM

ත්‍රස්තවාදී සංවිධානය තහනම් කිරීමට කොන්දක් නැද්ද ? ඉස්තාලය වැසීමට අශ්වයා යනතුරු ඉන්නවද ?

:       0       70

ඔබේ අදහස් එවන්න

දියත

විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි
2024 මැයි මස 08 117 0

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි
2024 මැයි මස 08 162 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.


අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 178 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 343 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 2052 1

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 405 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2002 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site