(රොමේෂ් මධුෂංඛ)
තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන් සමඟ සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
හිටපු ජනාධිපතිනිය මේ බව පවසා සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේ පැවසුවාය,
‘‘මම ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ අපි මාස 08 ක් එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡා කරගෙන ගියා යුද්ධය නවත්තලා මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා බලන්න. නමුත් මාස අටකට පස්සේ එල්.ටී.ටී.ඊය ආයේ යුද්ධයකට ගියා. ඒ අතරෙත් යුද්ධ කරද්දීත් සාම සාකච්ඡා වෙලාවේදී මම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42 ක්. එයයි මමයි හුවමාරු කරගත්තා ඒ ලියුම්. මම ගාව තියනවා අපි ඒවා ප්‍රකාශයට පත් කරනවා.
එතනදි මම කිව්වා යුද්ධය කරන්න ඕන නම් ඔයා යුද්ධය කරන්න එතකොට අපිත් ඔයාට විරුද්ධව යුද්ධ කරනවා. නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒ අයගේ සියලු දේ විනාශ වෙලා තියෙන්නේ නැවත වතාවක් අපිට සංවර්ධනය කරන්න ඔයගොල්ලන් එකඟ වෙනවද කියලා.
එතකොට අපේ නිලධාරීන් එවලා ඔයගොල්ලන් එක්කත් එල්.ටී.ටී.ඊයත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේ ගෙවල් හදලා දෙන්න ඒ අයට වතුර ලබා දෙන්න ආහාර ලබා දෙන්න පුලුවන් තරම් රැකියා ලබා දෙන්න කෘෂිකර්මය නැවත පටන් ගන්න වැව් ආදිය හදලා දෙන්න ඒ වෙලාවේ අපි යාපනය නිදහස් කරලා ඉවරයි.
ඔයගොල්ල එකඟ වෙනවද කියලා කෙලින්ම ප්‍රභාකරන් මහත්මයා කව්වේ එකඟ නැහැ ඔයගොල්ලන් මුකුත් කරන්න එපා කිව්වා කවදහරි කරනවනම් කරන්නේ මම විතරයි කිව්වා.
ඊට පස්සේ අපි 1995 දෙසැම්බර් මාසයේ යාපනය නිදහස් කරගත්තා ඊට පස්සේ අපි ටිකටික යාපනය ඇතුලු ප්‍රදේශ සංවර්ධනය කරන්න පටන් ගත්තා ඊට පස්සේ එල්.ටී.ටී.ඊයටත් ඒක තේරිලා ජනතාවටත් මේක අවශ්‍යයි කියලා ඒ ගොල්ලත් විරුද්ධ වෙන්‍නැතුව අපිට කරන්න දුන්නා.
එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එකපැත්තක ඉන්නවා සාමාන්‍ය අහිංසක ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගරු කරන දෙමළ ජනතාව තව පැත්තක ඉන්නවා කියලා මම හැම වෙලාවෙම කල්පනා කෙරුවා.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ අහිංසක දෙමළ ජනතාව අපි කවදාවත් කලවම් කරගත්තේ නැහැ. ඒ නිසා තමයි එල්.ටී.ටී.ඊය යුද්ධ කරන්න ඕන කිව්වා. මම සාම සාකච්ඡා කරන්න ඕන කිව්වා. සාම සාකච්ඡා වලට පයින් ගහලා අවුරුද්දකට පස්සේ ආයෙත් යුද්ධය කරන්න ඕන කිව්වා.
එතකොට රජයක් හැටියට අපිට නිකම් ඉන්න බැහැ යුද්ධයට එනකොට ඒ කෙනා එක්ක අපි යුද්ධ කරන්න ඕන. නමුත් මම පුලුවන් තරම් පෞද්ගලිකව සතියේ එක දවසක් සම්පූර්ණයෙන් හමුදාවේ නායකයින් සමඟ සාකච්ඡා කරලා ජනාධිපති හැටියට මෙහෙ කෙරෙන හැම මෙහෙයුමක් ගැනම සාකච්ඡා කරමින් එල්.ටී.ටී.ඊ නොවන අයට කිසිම කරදරයක් කරන්න එපා කියලා උපදෙස් දීලා පුලුවන් තරම් හානිය අඩු කෙරුවා‘‘ යැයි හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

COMMENTS
අහිංසක මිනිසුන් වෙන්කර හඳුනා ගත්තට ඔබට ස්තුතියි.
බලන්න කොපමණ සේවයක් කරල තියෙනවද මෙතුමිය..... තව සැරයක් ජනාධිපති උනානම් ප්‍රභාකරන් මහත්තයව කැමති කරවගන්නවනේ සාමයට.
කවුද මේ ? මොනවද කියවන්නේ ?
ප්‍රබාකරන් මහත්තය තව මොනාද දන්නේ නේ කිව්වේ. අනේ මන්ද රටක්, ඒ රටේ එයාලගෙම මිනිසුන්වත් ඇතුළුව අහිංසක ජනතාව, රටේ පොදු දේපල විනාස කරන්න හදපු සහ අවූරුදු 30 තිස්සේ සමස්ත ආර්ථිකයම ආපස්සට හරවපු ත්‍රස්තවදියෙක්ටද මේ නෝනා "මහත්තය" කියන්නේ.
යුද්දෙත් නොකර, සාමෙත් නොකර, රටෙත් සංවර්ධනයත් සෘණ කරපු කාලය ගැන නේද කතා කරන්නේ
යුද්දේ දැන් ඉවරයි. ඔයත් මොනවා හරි කරන්න ඇති. එත් යුද්දේ ඉවර කරපු මිනිස්සු ඉතිහාස ගත වෙලා දැන් අවසන්. ඔයාගේ සේවය ඇත්තටම දැන් අපිට අවශ්‍ය නැහැ.
මේ මොහොතේ අවශ්‍යතාවයක් නැහැ, මොකද එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ වෙනකොටත් අවසන්
ප්‍රභාකරන් ගැන කතා කරන්න හේතුවක් නැහැ. ඔබගේ කාලය නාස්ති කරගන්න එපා
ඔබතුමියගේ ප්‍රයත්නය අගය කරමි. තවද, මහින්ද මහතා යුද්ධයට ගිය එක සධාරණීය කිරීමක් තමයි ඔය ලියුම්වලින් උනත් පෙන්වන්නේ. ඉතින් ඉක්මනට එම ලියුම් ප්‍රසිද්ධ කරන්න. එතකොට, මහින්ද-ගෝඨාට තවත් හොදයි.
අනේ ඇයි ලියු ලිපි ටික ඡන්දය ඉවර වෙනකම් තියන් ඉන්නේ? අදම දාන්නකෝ එලියට අපටත් කියවන්න. ඔබතුමියගේ කාලයේදී, පුනරින්, අලිමංකඩ, මුලතිව් කියූ නොකියූ සියලු හමුදා කඳවුරු එල්ටීටීඊ යට නතුවූ හේතුව දැන් අප දැන ගත්තා. ඔබතුමිය නම්, අපේ විරෝධාර හමුදාවට යුද්ධ කලයුතු ආකාරය සතියට වතාවක් උපදෙස් දුන්නේ තව මොන කතාද? පසුගිය වසර 71 තුලදී, රටේ ආර්ථික වර්ධනය සෘණ වී, ආර්ථිකය සංකෝචනය වුයේ 2000 සහ 2001 දී පමණි. ඒ ඔබතුමිය මුදල් ඇමති සහ ජනතිපති හැටියට රටේ ආර්ථිකය විනාස කල වකවානුවයී. ආර්ථිකයත් නැතිකර, ආරක්ෂාවත් නැතිකළ ඔබතුමිය දැන් තව වසර 5 කට රට තවත් නැති කරන්නද හදන්නේ?
ලියුම් ලියලා කරගත්තද වැඩේ.. දෙමල ජනතාව ඉදිරියට ගිහින් ඔය කියන්නේ මම නම් හරි හොදයි.. මම ඕවට සම්බන්ධ නෑ... මහින්ද තමයි කලේ... දැන් යුද්ධයත් ඉවර එකේ මොනවට ඔය ලියුම් ප්‍රසිද්ධ කරනවද.. රටේ ඔලුවක් ඇති, ඇස්, කන් ඇති, එක එක්කෙනාට ගැති නොවන ඕනෑම කෙනෙක් දන්නවා රටේ මොනවද වුනේ කවුද කලේ කියලා..
ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය පමණක් නොව ලංකාවේ පුරවැසිභාවයද මේ වන විට ලංකාව තුල පමණක් නොව ලංකාවේ සිටින විදේශීය තානාපති අංශයන් විසින් පවා අවධානයක් යොමුකොට ඇත. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන වශයෙන් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිලිබදව ලංකාව තුල ඇතිවී තිබෙන සමාජමය සහ දේශපාලන ව්‍යාකූල තත්වය පිලිබදව සලකා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් මැතිවරණයට පෙර නිවේදනයක් නිකුත් කිරීමට සුදානමින් සිටිනබව බව ලැබෙමින් පවතින තොරතුරුවල කියවේ.
මෙයාට ත්‍රස්තවාදී ප්‍රභාකරන් දැන් ප්‍රභාකරන් මහතා වෙලා. අනේ අනිච්චන්ද කියන්නේ.
ඒ පාර අපායත් එක්ක ගනුදෙනු කරන්න වගේ යන්නේ !
අපිට නම් ඔය ලිපි වලින් වැඩක් නැහැ
විධායක ජනාධිපති පදවිය වගේ බැරෑරුම් පදවියක්, බලය අධික කිසිවෙකුටවත් වග නොකියන පදවියක් කිසිම දේශපාලන පළපුරුද්දක් නැතිව තිබියදී ලැබුනහම සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන දේ ගැන මෙතුමියගේ පාලන කාලයේදී පෙන්නුම් කළා, ඇත්තටම කිව්වොත් මේ රටේ සිටි හැම ජනාධිපති වරක්ම බලයෙන් මත් වෙලා (උමතු වුනා කිව්වොත් හරි ) කෙවට්ටයන්ට වන්දිභට්ටයන්ට කේලාම් කාරයන්ට අසු වෙලා පරිහානියට පත් වුන, ඉතා පළපුරුදු අතිදක්ෂ දේශපාලනඥයෙක් වුනු ජේ ආර් ජයවර්ධන මහතාටත් එයින් ගැලවෙන්න බැරි වුන, මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට සාපයක්, කිසිම පෞරුෂයක් ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්ට ජනාධිපති පදවිය ලැබුනහම වෙන දෙය ගැන අපි වත්මන් ජනාධිපති ධුර කාලයේදී අත් විඳිමින් ඉන්නවා, ගෝඨාභය දිනුවොත් කුකුල් කේන්ති කාරයෙක්, නීති කඩන්නෙක් සහ කිසිම දේශපාලනික පළපුරුද්දක් නැති අයෙක් ජනාධිපති වෙනවා දකින්න පුළුවන් වේවි, ඒ පාලනය ඉතා භයානක වෙනවා නොඅනුමානයි.
මිලේච්ච කොටි ත්‍රස්තවාදියා මහත්මයෙක් කියන ඔබතුමිය මේ මුළු මහත් ජාතියේම ද්‍රෝහියෙක්....
මොන වගේ ලිපිද ප්‍රබාකරන් (මහතා) එක්ක ගනුදෙනු කලේ?
පෞද්ගලික වෛරයේ නොනිමි ගිනි දළු වලින් තැවෙන, රටට වින කැටීම සඳහා දුවගෙන දුවගෙන එනමුත් රටේ ජීවත් නොවන , මෙතුමියගේ ඔය ලියකියවිලි අරගෙන තමා ජීවත්වන රටකට වී ඉතිරි කාලය සාමයෙන් ගත කරත්වා !
අනේ පව් කොච්චර පෙම්පත් ලිව්වත්.............
මෙයාට තියෙන්නේ වෛරයම විතරයි. මොළේ කළඳක් නැහැ.
ලියුම් 42 ක් ලියලත් එක ලියුමකින්වත් උත්තරයක් දුන්නේ නැද්ද? නෝනා එපා කිව්වද දන්නේ නැහැ.
අපි ඉතා වුවමනාවෙන් බලාසිටිමු.
අම්මපා ප්‍රභාකරන්ට ඇස් දෙකක් තිබ්බේ නැද්ද?
අනේ සෑහෙන දෙයක් රටට කරලා වගේ මෙයාගේ කතාව...
ගොඩාක් අය මේ කතාවට අදහස් දැමීමෙන් වැළකී සිටින බවනම් කිවයුතුයි.